බුද්ධදත්ත පාලි අකාරාදිය – 444

පරිසොසිත

3. වියලවන ලද.

පරිසොසෙති

(පරි+සුස+ණෙ) වියලවයි; වේලයි.

පරිහඩ්ඪ

3. ගිලිහී ගිය.

පරිහදහිය

පූ.ක්‍රි. හැඳගෙන.

පරිහරණ

න. පවත්වා ගැන්ම; පාවිච්චිය; රැකීම.

පරිහරණා

ඉ. පවත්වා ගැන්ම; පාවිච්චිය; රැකීම.

පරිහරති

(පරි+හර+අ) කැරකෙමින් ගමන් කරයි; පවත්වාගනී; පාවිච්චි කරයි; රැකගනී.

පරිහරිතබ්බ

3. පවත්වා ගත යුතු; පාවිච්චිකළ යුතු; රැක්ක යුතු.

පරිහසති

(පරි+හස+අ) නින්දා කිරීම පිණිස සිතාසේ; ලැජ්ජාකරවයි.

පරිහානි

ඉ. පිරිහීම.

පරිහානිය

3. පිරිහීම ගෙන දෙන.

පරිහාපිත

3. අඩුකළ; පිරිහෙළූ.

පරිහාපෙත්වා

පූ.ක්‍රි. අඩුකොට; පි‍රිහෙළා.

පරිහාපෙති

(පරි+හා+ණාපෙ) අඩු කරයි; තමා අයත් වැඩය අතපසු කරයි; පිරිහෙළයි.

පරිහායති

(පරි+හා+ය) අඩුබවට පත්වේ; පිරිහේ.

පරිහායන්ත

3. අඩුවෙමින්; පිරිහෙන; පිරිහෙමින්.

පරිහායමාන

3. අඩුවෙමින්; පිරිහෙන; පිරිහෙමින්.

පරිහාර

පු. ආරක්ෂාවට යොදන දේ; මඟහැරයාම.

පරිහාරක

3. ආරක්ෂාව ගෙන දෙන.

පරිහාරපථ

පු. වටේ යන්ට තිබෙන මාර්ගය.

පරිහාරික

3. පෝෂණය හෝ රැකීම කරන.

පරිහීන

3. අඩු වූ; කෙට්ටු වී ගිය; පිරිහුණු.

පරූපක්කම

පු. අනුන්ගේ උපක්‍රමය හෝ ක්‍රියාව.

පරූපඝාත

පු. අනුන් නැසීම.