බුද්ධදත්ත පාලි අකාරාදිය – 445

පරූපවාද

පු. අනුන්ගේ දෝෂාරෝපණය.

පරූළ්හ

3. ඉතාවැඩුණු.

පරෙත

3. වැඩුණු; ශෝකාදියෙන් පීඩිත වූ.

පරො

නි. එහා; මත්තෙහි.
නි. උඩදී.

පරොක්ඛ

3. ඉන්ද්‍රිය විෂය නොවූ; ප්‍රත්‍යක්ෂ නොවූ.

පරොක්ඛෙ

ඉදිරියේ නැති තැනදී.

පරොචරිය

3. උසස් පහත්.

පරොදති

(ප+රුද+අ) වැලපේ; හඬයි.

පරොදිත්වා

පූ.ක්‍රි. හඬා.

පරොසත

න. සියයකට වැඩි.

පරොසහස්ස

න. දහසකට වැඩි.

පල

න. පලම කලන් 12කි.

පලගණ්ඩ

පු. බදාමවැඩ කරන්නා; මේසෙන්.

පලණ්ඩු

පු. රතුලූණු.

පලණ්ඩුක

පු. රතුලූණු.

පලපති

(ප+ලප+අ) තේරුමක් නැති දේ කියයි; ප්‍රලාප දොඩවයි.

පලපන

න. නිරර්ථක දෙඩවීම.

පලපිත

න. නිරර්ථක දෙඩවීම.

පල්ලඞ්ක

පු. ඇඳිනැති ආසනය; කකුල් ගොතාගැනීම.
පු. කවිච්චිය.

පල්ලත්ථිකා

ඉ. පල්ලැක්කිය; වාඩිවී අත් දෙක ගොතා ගැනීම.

පල්ලල

න. කුඩා විල; මඩවගුර.

පල්ලව

පු. දලුව; ලා කොළය.

පලාත

3. පලාගිය.

පලාප

පු. නරර්ථක කථාව; බොල්; හරයක් නැතිදෙය.