බුද්ධදත්ත පාලි අකාරාදිය – 499

බෙලුව

පු. බෙලිගස.

බෙලුවපක්ක

න. ඉදුණු බෙලා ගෙඩිය.

බෙලුවලඨි

ඉ. තරුණ බෙලි ගෙඩිය.

බෙලුවසලාටුක

න. බෙලි ගැටය.

බොජ්ඣ

න. අවබෝධ කටයුතු දෙය.

බොජ්ඣඞ්ග

න. අවබෝධයේ කොටස්.

බොධ

පු. සත්‍යාවබෝධය.

බොධන

න. අවබෝධ කිරීම; සත්‍යාවබෝ‍ධය කරවීම.

බොධනීය

3. අවබෝධ කරවීමට යෝග්‍ය වූ.

බොධනෙය්‍ය

3. අවබෝධ කරවීමට යෝග්‍ය වූ.

බොධයමාන

3. අවබෝධ කරවන; පුබුදු කරවන.

බොධි

ඉ. බෝගස; මාර්ගඥානය; සත්‍යාවබෝධය.

බොධිඅඞ්ගණ

න. බෝ ගස අවට මලුව.

බොධිතල

න. බෝගස පිහිටි ‍පෙදෙස; බෝමුල.

බොධිපක්ඛික

3. සත්‍යාවබෝධයාගේ පක්ෂයෙහි වූ.

බොධිපක්ඛිය

3. සත්‍යාවබෝධයාගේ පක්ෂයෙහි වූ.

බොධිපාදප

පු. ඇසටුගස; බෝගස.

බොධිපූජා

ඉ. බෝගසට පූජාව.

බොධිමණ්ඩ

පු. මහා බෝධිය පිහිටි ස්ථානය.

බොධිමහ

පු. බෝගසට පූජාව.

බොධිමූල

න. බෝ ගස මුල.

බොධිරුක්ඛ

පු. ඇසටුගස; බෝගස.

බොධෙත්වා

පූ.ක්‍රි. අව‍බෝධ කරවා; පුබුදුවා.

බොධෙති

(බුධ+ණෙ) අවබෝධ කරයි; පුබුදුවයි.