බුද්ධදත්ත පාලි අකාරාදිය – 532

මහප්ඵල

3. මහත් විපාක ඇති.

මහබ්බල

3. මහත් ශක්ති ඇති.

මහබ්භය

න. මහත් භය.

මහල්ලක

3. මහලු; පු. මහල්ලා.

මහල්ලිකා

ඉ. මහලු ස්ත්‍රී; මැහැල්ලී.

මහාඋපාසක

පු. මහා උපාසකයා.

මහාඋපාසිකා

ඉ. මහා උපාසිකාව.

මහාකරුණා

ඉ. අතිමහත් කරුණාව.

මහාකාය

3. මහත් ශරීර ඇති.

මහාගණ

පු. මහ පිරිස.

මහාගණී

3. මහ පිරිස් ඇත්තා.

මහාජන

පු. මහ ජනයා.

මහාතණ්හ

3. මහත් ආශා ඇති.

මහාතල

න. වහළ උඩ තට්ටුව; විශාල උඩු මහල.

මහාධන

න. විශාල ධනය.

මහානරක

පු. මහනිරය.

මහානස

න. කුස්සි ගෙය.

මහානිරය

පු. මහනිරය.

මහානුභාව

3. මහත් අනුභාව ඇති.

මහාපඤ්ඤ

3. මහනුවණැති.

මහාපථ

පු. මහපාර.

මහාපිතු

පු. මහප්පා.

මහාපුරිස

පු. ශ්‍රේෂ්ඨ පුරුෂයා.

මහාභූත

න. මූල ධාතු සතර.