බුද්ධදත්ත පාලි අකාරාදිය – 531

මලින

3. කිලුටු වූ.

මලිනක

3. කිලුටු වූ.

මස්සු

න. රැවුල.

මස්සුක

3. රැවුල ඇති.

මස්සුකම්ම

න. රැවුල කැපීම.

මස්සුකරණ

න. රැවුල කැපීම.

මසාරගල්ල

න. මැසිරිගල්; වෛරෝඩි වර්ගයක්.

මසි

පු. දැලි.

මහ

පු. උත්සවය; පූජාව.

මහග්ගත

3. උසස් බවට පත්; රූපාවචර අරූපාවචර.

මහග්ඝ

3. ඉතා වටිනා.

මහග්ඝතා

ඉ. ඉතා වටිනා බව.

මහග්ඝස

3. බො‍හෝ සේ අනුභව කරන.

මහණ්ණව

පු. මහ මුහුද.

මහත්ත

න. උසස් බව; මහත් බව.

මහත්තර

3. වඩා උසස්; වඩා මහත්.

මහති

(මහ+අ) ගෞරව කරයි; පුදයි.

මහතී

ඉ. මහන්ත ශබ්දයේ ස්ත්‍රී ලිංගික රූපය.

මහද්ධන

3. මහත් ධනැති.

මහන්ත

3. උස්වූ; පුදන; පුදමින්; මහත් වූ.

මහන්තත

ඉ. මහත් බව.

මහන්තතර

3. වඩා උසස්; වඩා මහත්.

මහන්තභාව

පු. මහත් බව.

මහනීය

3. පිදිය යුතු.