බුද්ධදත්ත පාලි අකාරාදිය – 554

යථානුභාවං

.ක්‍රි .වි ශක්තිය ඇති පරිදි.

යථානුසිට්ඨං

.ක්‍රි .වි අනුශාසනා කළ පරිදි.

යථාපසාදනං

.ක්‍රි .වි සිතේ පැහැදීම ඇති සැටියෙන්.

යථාපූරිත

3. පිරවූ ලෙස ම තිබුණු.

යථාඵාසුක

3. පහසු ඇති.

යථාබලං

.ක්‍රි .වි ශක්තිය ඇති පරිද්දෙන්.

යථාභතං

.ක්‍රි .වි ගෙන ආ සැටියෙන්.

යථාභිරන්තං

.ක්‍රි .වි ඇතිතාක්; කැමැත්ත.

යථාභුච්ච

3. ඇත්තා වූ; සත්‍ය වූ.

යථාභූත

3. සත්‍ය වූ.

යථාභූතං

.ක්‍රි .වි තත් වූ පරිදි.

යථාරහං

.ක්‍රි .වි සුදසු පරිදි.

යථාරුචිං

.ක්‍රි .වි කැමැත්ත ඇති පරිදි.

යථාවතො

නි. තත්වූ පරිද්දෙන්.

යථාවිධිං

.ක්‍රි .වි නියමානුකූලව.

යථාවිහිත

3. පිළියෙළ කළ.

යථාවුඩඪං

.ක්‍රි .වි වැඩිමහලු පිළිවෙළින්.

යථාවුත්ත

3. උඩින් කී; කී ආකාර ඇති.

යථාවුත්තං

.ක්‍රි .වි කී සේ.

යථාසක

3. තම තමා අයත්.

යථාසකං

.ක්‍රි .වි තම තමාට අයත් පරිදි.

යථාසද්ධං

.ක්‍රි .වි ශ්‍රද්ධාව ඇති පරිදි.

යථාසුඛං

.ක්‍රි .වි පහසු පරිදි; සැපසේ.

යථිච්ඡිතං

.ක්‍රි .වි කැමති පරිදි.