බුද්ධදත්ත පාලි අකාරාදිය – 589

වචනකර

3. කී දෙය කරන.

වචනක්ඛම

3. කී දෙය ඉවසන.

වචනත්ථ

පු. වචනයේ තේරුම.

වචනපථ

පු. කීමේ පිළිවෙළ.

වචනීය

3. අවවාද කළ යුතු; කිය යුතු.

වච්ච

න. අශුචි; මල.

වච්චකුටි

ඉ. වැසිකිළිය.

වච්චකූප

පු. අශුචිවළ.

වච්චමග්ග

පු. මල මාර්ගය.

වච්චසොධක

පු. අසුචි ගෙන යන්නා.

වච්ඡ

පු. පැටියා; වස්සා.

වච්ඡක

පු. පැටියා; වස්සා.

වච්ඡගිද්ධ

3. පැටියා කෙරෙහි ඇලුණු.

වච්ඡතර

පු. ගොන් නාම්බා; ලොකු වස්සා.

වච්ඡතරී

ඉ. නෑම්බී; වැස්සී.

වච්ඡති

වසන්නේය.

වච්ඡර

න. අවුරුද්ද.
පු. අවුරුද්ද.

වච්ඡල

3. ආලය කරන.

වචා

ඉ. වදකයා.

වචී

ඉ. කථාව.

වචීකම්ම

න. වචනයෙන් කරන දෙය.

වචීගුත්ත

3. වචනය රකින; හික්මුණු කථා ඇති.

වචීදුච්චරිත

න. බොරු කීමේ ආදී වචනයෙන් කරන පව.

වචීපරම

3. කීමෙහි පමණක් දක්ෂයා.