බුද්ධදත්ත පාලි අකාරාදිය – 590

වචීභෙද

පු. කථා කිරීම; වචන පිට කිරීම.

වචීවිඤ්ඤත්ති

ඉ. වචනයෙන් ඇඟවීම.

වචීසංඛාර

පු. වචන කීමට උපකාරවන විතර්කාදිය.

වචීසමාචාර

පු. යහපත් කථාව.

වචීසුචරිත

න. වචනයෙන් කරන යහපත; සත්‍යකථාදිය.

වජ

පු. ගවාදීන්ගේ වාසස්ථානය; ගාල.

වජති

(වජ+අ) යයි.
(වජ+අ) ගමන් කරයි.

වජන්ත

3. යන; යමින්.

වජ්ජ

න. කියයුතු දෙය; තූර්යභාණ්ඩය; දුරුකළයුතු දෙය; දෝෂය.
3. කියයුතු.

වජ්ජන

න. දුරුකිරීම.

වජ්ජනීය

3. දුරු කළ යුතු.

වජ්ජා

කියන්නේය.

වජ්ජි

පු. ලිච්ඡවියා; වැදෑරට වැසියා.

වජ්ජිත

3. දුරු කළ; හැරදැමූ.

වජ්ජිතබ්බ

3. දුරුකළ යුතු.

වජ්ජිය

පූ.ක්‍රි. දුරුකොට.

වජ්ජෙත්වා

පූ.ක්‍රි. දුරු කොට.

වජ්ජෙති

(වජ+ණෙ) අත්හරියි; දුරු කරයි.

වජ්ජෙතුං

නි. දුරු කරන්ට.

වජ්ජෙන්ත

3. දුරු කරන; දුරු කරමින්.

වජ්ඣ

3. වධයට පැමිණ වියයුතු.

වජ්ඣප්පත්ත

3. දඬුවම් ලැබීමට නියමිත වූ; වධයට පත්.

වජ්ඣභෙරී

ඉ. මරණයට පමුණුවන බව දක්වන බෙර හඬ; වද බෙරය.

වජිර

න. දියමන්තිය; වජ්‍රායුධය; හෙණපහර.