බුද්ධදත්ත පාලි අකාරාදිය – 593

වණපටිකම්ම

න. තුවාලයට පිළියම් කිරීම.

වණබන්ධන

න. වණය බඳින පටිය.

වණ්ට

න. නටුව; නැට්ට.

වණ්ටක

න. නටුව; නැට්ට.

වණ්ටික

3. නැටි හෝ නටු ඇති.

වණ්ණ

පු. අකුර; ක්ෂත්‍රියාදී කුලය; ගුණය; පාට; පෙනුම; වර්ණය; වේශය; සායම.

වණ්ණ ද

3. ශරීර වර්ණය ගෙන දෙන.

වණ්ණක

න. සායම.

වණ්ණකසිණ

න. භාවනාවට ගන්නා නීලාදී වර්ණයකින් සෑදූ මණ්ඩලය.

වණ්ණදාසී

ඉ. වෛශ්‍යා ස්ත්‍රිය.

වණ්ණධාතු

ඉ. පාට; පැහැය; සායම.

වණ්ණනා

ඉ. ගුණ වැණීම; විස්තර කිරීම.

වණ්ණනීය

3. වර්ණනා කළ යුතු.

වණ්ණපොක්ඛරතා

ඉ. රූප සෞන්දර්යය; ශරීර ශෝභාව.

වණ්ණයමාන

3. වර්ණනා කරන; වර්ණනා කරමින්.

වණ්ණවාදී

3. ගුණ කියන්නා.

වණ්ණසම්පන්න

3. පැහැයෙන් යුත්; ශෝභාව ඇති.

වණ්ණි

3. පැහැති; පෙනුම ඇති; වේශය ඇති.

වණ්ණිත

3. වර්ණනා කළ යුතු; ස්තුති ලැබූ.

වණ්ණිය

න. පාට; පෙනුම.

වණ්ණු

ඉ. වැලි.

වණ්ණුපථ

පු. වැලි පොළොව.

වණ්ණෙතබ්බ

3. වර්ණනා කළ යුතු වූ.

වණ්ණෙති

(වණ්ණ+ණෙ) ගුණ කියයි; වර්ණනා හෝ විස්තර කරයි.