බුද්ධදත්ත පාලි අකාරාදිය – 594

වණ්ණෙන්ත

3. වර්ණනා කරන; වර්ණනා කරමින්.

වණිජ්ජා

ඉ. වෙළ්‍ඳාම.

වණිත

3. තුවාල ලැබූ.

වණිප්පථ

පු. වෙළඳාම; වෙළඳාම ඇති තැන.

වණිබ්බක

පු. පුලන්නා; සිඟන්නාගේ තත්වයට නොපැමිණි ‍දුප්පතා.

වත

න. පැවැත්ම; පිළිපැදීම; ව්‍රතය; නි. ඒකාන්තයෙන්; සත්තකින්.

වතතිත්වා

පූ.ක්‍රි. පැවතී; පෙරළී.

වතපද

න. පිළිපැදීමේ කොටස්.

වතවන්තු

3. ව්‍රත ඇති.

වතසමාදාන

න. ව්‍රතයක් රැකීම සඳහා ගැන්ම.

වත්ත

න. කළයුතු දෙය; මුඛය; මුහුණ; වතාවත.

වත්තක

3. පවත්වන.

වත්තති

(වතු+අ) පවතී; සිදුවේ.

වත්තන

න. පැවැත්ම.

වත්තන්ත

3. පවත්නා; පවතින.

වත්තනී

ඉ. මාර්ගය.

වත්තපටිවත්ත

න. කුඩා මහත් වැඩ; වත්පිළිවෙත්.

වත්තබ්බ

3. කියයුතු.

වත්තමාන

3. පවත්නා; පවතින; ඉ. වර්තමාන කාලය ප්‍රකාශ කරන ආඛ්‍යාත විභක්තිය; පු. දැන් කාලය; පවත්නා කාලය.

වත්තමානක

3. පවත්නා.

වත්තසම්පන්න

3. වත් පිළිවෙත් කිරීමෙහි මැලිනොවූ.

වත්තිකා

ඉ. වරපට; වැටිය; සම්පටිය.

වත්තිත

3. කර කැවූ; පැවැත් වූ.

වත්තිතබ්බ

3. පැවැතිය යුතු.