බුද්ධදත්ත පාලි අකාරාදිය – 595
වත්තී
3. පවත්වන්නා.
වත්තු
පු. කියන්නා.
වත්තුං
නි. කියන්නට.
වත්තෙති
(වතු+ණෙ) පවත්වයි.
වත්ථ
න. වස්ත්රය.
වත්ථගුය්හ
න. ස්ත්රී පුරුෂ නිමිති.
වත්ථන්තර
න. වස්ත්ර විශේෂ.
වත්ථයුග
න. වස්ත්ර ජෝඩුව.
වත්ථි
ඉ. මූත්රාසය; වස්තිය.
වත්ථිකම්ම
න. වස්ති කිරීම.
වත්ථුක
3. පොළොවක් ඇති; මූලාධාර කොට ඇති.
වත්ථුකත
3. අඩිතාලමක් කළ; මනාසේ පුහුණු කළ.
වත්ථුදෙවතා
ඉ. ඉඩමකට අරක්ගත් දෙවියා.
වත්ථුරූප
න. හෘදයවස්තුව සම්බන්ධ රූපකලාප.
වත්ථුවිජ්ජා
ඉ. ගොඩනැගිලි සෑදීමට යොග්ය තැන් දැනීමේ ශාස්ත්රය.
වත්වා
පූ.ක්රි. කියා.
වති
ඉ. වැට.
වතික
3. ව්රත හෝ පැවැත්ම ඇති.
වතිකා
ඉ. වැට.
වද
3. කියන; කියන්නා.
වදඤ්ඤුතා
ඉ. පරිත්යාගශීලී බව.
වදඤ්ඤූ
3. යාචකයන්ගේ වචන දන්නා.
වදති
(වද+අ) කියයි.
වදන
න. කීම; මූණ.