බුද්ධදත්ත පාලි අකාරාදිය – 596

වදන්ත

3. කියන; කියමින්.

වදමාන

3. කියන; කියමින්.

වද්දලිකා

ඉ. අහස වලාකුලෙන් වැසී තිබීම.

වද්ධ

3. වැඩිසිටි; වියස්ගත; වෘද්ධ වූ.

වද්ධන

න. අභිවෘද්ධියට පත් කිරීම; වැඩීම.

වද්ධාපචායන

න. වැඩිමහල්ලන්ට ගෞරව කිරීම.

වදාපන

න. කියන්ට සැලැස්සීම; දැනුම් දෙවීම.

වදාපෙත්වා

පූ.ක්‍රි. කියවා.

වදාපෙති

(වද+ණාපෙ) කියන්ට සලස්වයි; කියවයි.

වදාපෙන්ත

3. කියවන; කියවමින්.

වදිතබ්බ

3. කියයුතු.

වදිත්වා

පූ.ක්‍රි. කියා.

වදිතුං

නි. කියන්ට.

වදෙති

(වද+ණෙ) කියයි.

වධ

පු. තැළීම; දඬුවම; මැරීම; හිංසාව.

වධක

පු. දඬුවමට නියමිත වූවන් මරන්නා; නසන්නා; වධදෙන්නා.

වධිත

3. නැසූ; වධයට පැමිණ වූ.

වධිත්වා

පූ.ක්‍රි. නසා; වධ කොට.

වධුකා

ඉ. තරුණ භාර්යාව; ලේලි.

වධූ

ඉ. ස්ත්‍රිය.

වධෙති

(වධ+ණෙ) නසයි; හිංසා කරයි.

වධෙන්ත

3. නසමින්; හිංසා කරමින්.

වන

න. උයන; කැලය; තෘෂ්ණාව; පස්කම් සැප; වනය බඳින වස්ත්‍ර කැබැල්ල.

වනකම්මික

පු. වනයෙහි වැඩ කරන්නා.