බුද්ධදත්ත පාලි අකාරාදිය – 695

සධම්මික

3. සමාන හැසිරීම් ඇත්තා.

සනති

(සන+අ) මහත් සේ ශබ්ද කරයි.

සනන්තන

3. පුරාණ වූ; සදාකාලික.

සන්ත

3. ඇත්තා වූ; විද්‍යාමාන වූ; වෙහෙසට පත්; ශාන්ත; ශාන්ත වූ; සංසුන්; පු. සත් පුරුෂයා‍.

සන්තක

3. අයත්; අයිති දෙය; කෙළවරක් ඇති.

සන්තකාය

3. සන්හුන් කයක් ඇති.

සන්තජ්ජියමාන

3. තර්ජනය කරනු ලබන; තර්ජනය කරනු ලබමින්.

සන්තජ්ජෙත්වා

පූ.ක්‍රි. තරවටු කොට; භය කොට.

සන්තජ්ජෙති

(සං+තජ්ජ+ණෙ) තර්ජනය කරයි; තරවටු කරයි.

සන්තතං

ක්‍රි.වි. නිරන්තරයෙන්.

සන්තතර

3. වඩා ශාන්ත වූ.

සන්තත්ත

3. ඉතාරත් වූ; රත් කළ.
න. ශාන්ත භාවය; සන්හුන් බව.

සන්තති

ඉ. නොකඩව පැවැත්ම; පරම්පරාව.

සන්තප්පති

(සං+තප+ය) තැවේ; ශෝක කෙරේ.

සන්තප්පමාන

3. තැවෙන; තැවෙමින්; තෘප්තියට පත් කරමින්; තෘප්තියට පත් කොට.

සන්තප්පිත

3. සන්තර්පණය කළ; සෑහී‍මට පත් කළ.

සන්තප්පිය

පූ.ක්‍රි. තෘප්තියට පත් කොට.

සන්තප්පෙත්වා

පූ.ක්‍රි. තෘප්තියට පත් කොට.

සන්තප්පෙති

(සං+තප්ප+ණෙ) තෘප්තියට පත් කරයි; සන්තර්පණය කරයි.

සන්තප්පෙන්ත

3. තෘප්තියට පත් කරන; තෘප්තියට පත් කරමින්.

සන්තභාව

පු. ශාන්ත භාවය; සන්හුන් බව.

සන්තමානස

3. ශාන්ත සිතැති.

සන්තරති

(සං+තර+අ) ඉක්මනින් යයි.

සන්තරබාහිර

3. ඇතුළත පිටත සහිත.