බුද්ධදත්ත පාලි අකාරාදිය – 696

සන්තරමාන

3. ඉක්මන් වෙන; ඉක්මන් වෙමින්.

සන්තසති

(සං+තස+අ) තැතිගැම්මට පැමිණේ.

සන්තසන

න. තැති ගැන්ම.

සන්තසන්ත

3. තැති ගන්නා; තැතිගනිමින්.

සන්තසිත

3. තැතිගත්.

සන්තසිත්වා

පූ.ක්‍රි. තැති ගෙන.

සන්තාන

න. චිත්ත පරම්පරාව; දිව්‍ය වෘක්ෂයක නමක්; පරම්පරාව; පැතිරීම; මකුළු දැල.

සන්තානෙති

(සං+තනු+ණෙ) නොකඩ කොට පවත්වයි.

සන්තාප

පු. උෂ්ණය; තැවීම; සිත් තැවුල.

සන්තාපිත

3. උණුසුම් කළ; තැවූ; රත් කළ.

සන්තාපෙති

(සං+තප+ණෙ) තවයි; රත් කරයි; සිත් තැවුල් ඇති කරයි.

සන්තාරණ

න. එතර කිරීම.

සන්තාස

පු. තැති ගැන්ම.

සන්තාසී

3. ත්‍රාස ඇත්තා; තැති ගන්නා.

සන්ති

ඉ. නිවන; ශාන්තිය; සංසිඳීම.

සන්තික

න. සමීපය.

සන්තිකම්ම

න. විපත් දුරු වීම පිණිස කරන තොවිල් ආදිය.

සන්තිකාවචර

3. සමීපයෙහි හැසිරෙන.

සන්තිට්ඨති

(සං+ඨා+අ) නිශ්චල වේ; පිහිටා සිටියි; සිටියි.

සන්තිපද

න. දුක් නැති තැන; නිවන.

සන්තීරණ

න. තීරණය කිරීම; නිශ්චය.

සන්තුට්ඨ

3. තෘප්තියට පත්; සතුටු වූ.

සන්තුට්ඨතා

ඉ. තෘප්ත බව; සතුටු බව.

සන්තුට්ඨි

ඉ. ප්‍රීතිය; සතුට.