බුද්ධදත්ත පාලි අකාරාදිය – 701
සන්නිධාන
න. තැන්පත් කිරීම; සමීපය; ළංකොට තැබීම.
සන්නිධි
ඉ. රැස් කිරීම.
සන්නිධිකත
3. රැස් කොට ළඟ තබාගත්.
සන්නිධිකාරක
3. රැස් කරන්නා.
සන්නිපතති
(සං+නි+පත+අ) එත් තැන් වේ; රැස් වේ.
සන්නිපතන
න. එක් තැන් වීම; රැස් වීම.
සන්නිපතන්ත
3. රැස්වෙන; රැස්වෙමින්.
සන්නිපතිත
3. රැස් වූ.
සන්නිපතිත්වා
පූ.ක්රි. රැස් වී.
සන්නිපතිතුං
නි. රැස් වෙන්ට.
සන්නිපාත
පු. එක්තැන් වීම; රැස් වීම; ශරීරයේ දොස් එක්තැන් වීමෙන් සෑදෙන රෝගය.
සන්නිපාතික
3. දොස් එක්තැන් වීම නිසා හටගන්නා (රෝගය).
සන්නිපාතෙත්වා
පූ.ක්රි. රැස් කරවා.
සන්නිපාතෙති
(සං+නි+පත+ණෙ) රැස් කරවයි.
සන්නිභ
3. සමාන වූ.
සන්නිය්යානන
න. පාවා දීම; පැවරීම.
සන්නිරුම්භන
න. අවහිර කිරීම; නැවැත්වීම; වැළැක්වීම.
සන්නිරුම්භෙති
(සං+නි+රුම්භ+ණෙ) නවත්වයි; වළක්වයි; හිරකරයි.
සන්නිවසති
(සං+නි+වස+අ) සමග වාසය කරයි.
සන්නිවාරෙති
(සං+නි+වර+ණෙ) වළක්වයි.
සන්නිවාස
පු. එක්ව විසීම.
සන්නිවුත්ථ
3. එක්ව විසූ.
සන්නිවෙස
පු. පිහිටුවීම; පිළියෙළ කිරීම.
සන්නිස්සිත
3. ආශ්රිත වූ.