බුද්ධදත්ත පාලි අකාරාදිය – 702

සන්නිසින්න

3. එක්ව හුන්; කලබලනැති; සංසිඳුණු; සන්හුන්.

සන්නිසීදති

(සං+නි+සද+අ) තැන්පත්‍ වේ; සන්සිදේ; සන්හුන් වේ.

සන්නිහිත

3. තැන්පත් කළ.

සන්නීත

3. මිශ්‍රකොට ඇනූ.

සන්නෙත්වා

පූ.ක්‍රි. මිශ්‍ර‍කොට අනා.

සන්නෙති

(සං+නි+ණෙ) මිශ්‍ර‍ෙකාට අනයි.

සනාභික

3. නැබ සහිත; බොස්ගෙඩිය සහිත.

සපච

පු. චණ්ඩාලයා; සැඩොලා.

සපජාපතික

පු. භාර්යාව සහිත.

සපත්ත

පු. විරුද්ධ කාරයා; සතුරා.

සපත්තභාර

3. තමාගේ පියාපත් පමණක් ධනය කොට ඇති.

සපත්තික

න. සමාන පුරුෂයකු ඇති බව.

සපත්තී

ඉ. සමාන පුරුෂ‍යකු ඇත ස්ත්‍රිය.

සපති

(සප+අ) දිවුරයි; ශාප කරයි.

සපතිකා

ඉ. ස්වාමි පුරුෂය‍කු ඇත්තී.

සපථ

පු. දිවිරීම.

සපදාන

3. අතර ‍නොහරින; පිළිවෙළට අනුව යන.

සපදානචාරිකා

ඉ. අතරෙහි ගෙවල් අත් නොහැර ඇවිදීම.

සපදි

නි. එකෙණෙහි.

සපදෙස

3. කරුණු සහිත.

සපරිග්ගහ

පු. අයිති දේ සහිත වූ; භාර්යාවක් ඇති.

සප්ප

පු. සර්පයා.

සප්පච්චය

3. හේතු සහිත වූ.

සප්පඤ්ඤ

3. නුවණැති.