බුද්ධදත්ත පාලි අකාරාදිය – 700
සන්ධාවන්ත
3. දුවන; දුවමින්.
සන්ධාවිතබ්බ
3. ගමන් කළ යුතු.
සන්ධාවිත්වා
පූ.ක්රි. ඇවිද.
සන්ධි
ඉ. ගැළපීම; සන්ධය (අකුරු ගළපා කරන); සන්ධිය (අත් පා වල); සමාදාන ගිවිසුම; හන්දිය.
සන්ධික
3. ගැළපීම් ඇති (සමාස); සන්ධි ඇති (සමාස).
සන්ධිච්ඡෙදක
පු. ගෙවල සන්ධි බිඳ ඇතුල් වන (සොරා); බැමි හෝ ගැළපීම් කඩා දමන්නා.
සන්ධිමුඛ
න. ගෙය බිඳ ඇතුල් වූ සිදුර.
සන්ධීයති
(සං+ධා+ඊ+ය) ගළපනු ලැබේ; සන්ධි කරනු ලැබේ.
සන්ධුනාති
(සං+ධු+නා) කම්පා කෙරේ.
සන්ධුනිත්වා
පූ.ක්රි. කම්පා කොට.
සන්ධූපායති
(සං+ධූප+ආය) දුම් දමයි; දුම් විහිදුවයි.
සන්ධූපෙති
(සං+ධූප+ණෙ) දුම් ගස්වයි.
සන්ධොවති
(සං+ධොවු+අ) පිරිසිදු කරයි; සෝදයි.
සන්න
3. ගිලීගිය; ගිලුණු.
සන්නද්ධ
3. ඇඳගත්; යුද්ධයට සැරසුණු; සන්නාහ ඇඳගත්.
සන්නය්හති
(සං+නහ+ය) යුද්ධ ඇඳුම් ඇඳගනී; සන්නද්ධ වේ.
සන්නය්හිත්වා
පූ.ක්රි. සන්නද්ධ වී.
සන්නාමෙති
(සං+නමු+ණෙ) ගෙන දෙයි; නමයි; පමුණුවයි.
සන්නාහ
පු. යුද්ධ ඇඳුම.
සන්නිකට්ඨ
3. සමීප වූ.
සන්නිකාස
3. සමාන වූ.
සන්නිචය
පු. එක්තැන් වීම; රාශිය; රැස් කිරීම.
සන්නිචිත
3. එක් තැන් වූ; රැස් කළ.
සන්නිට්ඨාන
න. අධිෂ්ඨානය.
න. තීරණය.
න. නිශ්චය.