බුද්ධදත්ත පාලි අකාරාදිය – 699
සන්දීපන
න. දියුණු කිරීම; මනාසේ ප්රකට කිරීම.
සන්දීපනා
ඉ. දියුණු කිරීම; මනාසේ ප්රකට කිරීම.
සන්දීපෙති
(සං+දීප+ණෙ) තියුණු කරයි; දල්වයි; ප්රකට කරයි.
සන්දෙස
පු. පණිවුඩය; ප්රවෘත්තිය; ලිපිය.
සන්දෙසහර
3. පණිවුඩ හෝ ලියුම් ගෙන යන්නා.
සන්දෙසාගාර
න. තැපැල් කන්තෝරුව.
සන්දෙහ
පු. සැකය.
සන්දොහ
පු. රාශිය; සමූහය.
සන්ධන
න. තමා අයත් දෙය; ස්වකීය ධනය.
සන්ධමති
(සං+ධම+අ) ගිනි අවුලවන්ට පිඹියි; පිඹියි.
සන්ධමිත්වා
පූ.ක්රි. පිඹ.
සන්ධමෙන්ත
3. පිඹිමින්.
සන්ධාතු
පු. ගළපන්නා; භේද සංසිඳවන්නා.
සන්ධාන
න. ගැළපීම; සමගි කිරීම.
සන්ධාය
පූ.ක්රි. ගළපා; නිසා; සඳහා.
සන්ධාරක
3. දරන; දරන්නා.
සන්ධාරණ
න. ඉසිළීම; දැරීම.
සන්ධාරණක
3. උසුළන.
සන්ධාරිත
3. ඉසිළු; උසුළාගත්; දැරූ.
සන්ධාරෙත්වා
පූ.ක්රි. උසුළා; දරා; වළක්වා.
සන්ධාරෙති
(සං+ධර+ණෙ) උසුළයි; දරයි; වඩා ගනී (දරුවෙකු); වළක්වයි.
සන්ධාරෙතුං
නි. උසුළන්ට; දරන්ට; වළක්වන්ට.
සන්ධාරෙන්ත
3. උසුළන; උසුළමින්.
සන්ධාවති
(සං+ධාවු+අ) ඇවිදියි; ගමන් කරයි (සසර); දුවයි.