බුද්ධදත්ත පාලි අකාරාදිය – 724
සමානත්ත
න. ඒකාකාර බව; සමාන බව.
සමානත්තතා
ඉ. අනුන් හා සමාන පැවතුම් ඇති බව.
සමානතා
ඉ. ඒකාකාර බව; සමාන බව.
සමානභාව
පු. ඒකාකාර බව.
සමානවස්සික
3. සමාන වයස් ඇති; සමාන වස් ඇති.
සමානසංවාස
3. එක්ව විසීම; ඒකාකාර පැවැත්ම.
සමානසංවාසක
3. එක් නිකායකට අයත්; එක්ව වසන්නා.
සමානිත
3. ගෙනෙන ලද; පැමිණ වූ.
සමානෙත්වා
පූ.ක්රි. එක්තැන් කොට; ගළපා බලා.
සමානෙති
(සං+ආ+නී+අ) එක්තැන් කරයි; ගළපා බලයි; සමාන කරයි.
සමානෙන්ත
3. එක්තැන් කරන; ගළපා බලන.
සමාපජ්ජති
(සං+ආ+පද+ය) ඇතුල් වේ; සමවදී.
සමාපජ්ජන
න. ඇතුල් වීම; පැමිණීම; සමවැදීම.
සමාපජ්ජන්ත
3. ඇතුල් වෙමින්; පැමිණෙන; සමවදිමින්.
සමාපජ්ජිත
3. ඇතුල් වූ; සම වැදුණු.
සමාපජ්ජිත්වා
පූ.ක්රි. පැමිණ; සමවැද.
සමාපජ්ජිතුං
නි. සමවදින්ට.
සමාපත්ති
ඉ. ධ්යානයෙන් සිත එකඟ කොට විසීම; පැමිණීම.
සමාපන්න
3. පැමිණි; සමවැදුණු; සමාධියට ඇතුල් වූ.
සමාපෙති
(සං+අප+ණෙ) අවසන් කරයි.
සමායති
(සං+ආ+යා+අ) එක්තැන් වේ; පැමිණේ.
සමායන්ත
3. එක් වෙමින්; එක්තැන් වෙන; එන.
සමායුත
3. යුක්ත වූ; යෙදුණු; සම්බන්ධ වූ.
සමායොග
පු. එක් වීම.