බුද්ධදත්ත පාලි අකාරාදිය – 723
සමාදහන්ත
3. තැන්පත් කරන; තැන්පත් කරමින්.
සමාදහිත්වා
පූ.ක්රි. තැන්පත් කොට; දල්වා (ගිනි).
සමාදහිතුං
නි. තැන්පත් කරන්ට.
සමාදාන
න. ගැන්ම; බාර ගැන්ම; සමාදන් වීම.
සමාදාය
පූ.ක්රි. බාරගෙන.
සමාදිට්ඨ
3. පෙන්වන ලද.
සමාදින්න
3. ගත්; බාරගත්; සමාදන් වූ.
සමාදිය
පූ.ක්රි. ගෙන; පිළිගෙන; සමාදන් වී.
සමාදියති
(සං+ආ+දා+ඉ+ය) ගනු ලැබේ; පිළිගනු ලැබේ.
සමාදියන්ත
3. බාර ගනිමින්; සමාදන් වෙමින්.
සමාදියිත්වා
පූ.ක්රි. ගෙන; පිළිගෙන; සමාදන් වී.
සමාදිසති
(සං+ආ+දිස+අ) උපදෙස් දෙයි; පෙන්වයි.
සමාදිසන්ත
3. උපදෙස් දෙන; උපදෙස් දෙමින්; කියමින්.
සමාදිසිත්වා
පූ.ක්රි. උපදෙස් දී; කියා; ප්රකාශ කොට.
සමාධාන
න. එකඟ කිරීම; එක්තැන් කිරීම; නිශ්චල කිරීම.
සමාධි
පු. ධ්යාන ලැබීමෙන් පසු සිතේ ඇතිවන බලවත් එකග්රතාව හෝ නිශ්චල බව; සිත එකඟ කිරීම.
සමාධිජ
3. සමාධියෙන් හටගත්.
සමාධිබල
න. සිත එකඟ කිරීමෙන් ලත් බලය.
සමාධිභාවනා
ඉ. සමාධිය වැඩීම.
සමාධියති
(සං+ආ+ධා+ඉ+ය) තැන්පත් වේ.
සමාධිසංවත්තනික
3. සමාධිය ලබාදෙන.
සමාධිසම්බොජ්ඣඞ්ග
පු. මාර්ගඵල අවබෝධය පිණිස පවත්නා සමාධිය.
සමාන
3. ඒකාකාරව පවත්නා; සදෘශ වූ; සමාන වූ.
සමානගතික
3. ඒකාකාර පැවතුම් ඇති.