බුද්ධදත්ත පාලි අකාරාදිය – 722

සමාකඩ්ඪිත්වා

පූ.ක්‍රි. ඇද; එක්තැන් කොට.

සමාකිණ්ණ

3. ගැවසී ගත්.

සමාකුල

3. ගැවසී ගත්.

සමාගච්ඡති

(සං+ආ+ගමු+අ) එක්තැන් වේ; මුණගැසේ; හමු‍ වේ.

සමාගච්ඡන්ත

3. එක්තැන් වන; හමුවන.

සමාගත

3. එක්තැන් වූ; පැමිණි; රැස් වූ.

සමාගන්ත්වා

පූ.ක්‍රි. එක්තැන් වී.

සමාගන්තුං

නි. එක්තැන් වෙන්ට; රැස්වෙන්ට; හමුවෙන්ට.

සමාගම

පු. ආශ්‍රය; එක්තැන් වීම; රැස්වීම; සමූහය.

සමාගමන

න. එක්තැන් වීම.

සමාගම්ම

පූ.ක්‍රි. එක්තැන් වී.

සමාචරණ

න. හැසිරීම.

සමාචරති

(සං+ආ+චර+අ) පිළිපදී; හැසිරේ.

සමාචරන්ත

3. හැසිරෙන; හැසිරෙමින්.

සමාචරිතබ්බ

3. පිළිපැදිය යුතු; හැසිරිය යුතු.

සමාචරිත්වා

පූ.ක්‍රි. හැසිර.

සමාචරිතුං

නි. හැසිරෙන්ට.

සමාදපක

3. පිළිගන්වන්නා; සමාදන් කරවන්නා.

සමාදපන

න. බාර ගැන්වීම; සමාදන් කරවීම.

සමාදපෙත්වා

පූ.ක්‍රි. බාරගන්වා; සමාදන් කරවා.

සමාදපෙති

(සං+ආ+දා+ණාපෙ) පිළිගන්වයි; බාරගන්වයි.

සමාදපෙතු

පු. බාරගන්වන්නා; සමාදන් කරවන්නා.

සමාදපෙන්ත

3. බාරගන්වන; සමාදන් කරවන.

සමාදහති

(සං+ආ+ධා+අ) එක්තැන් කරයි; තැන්පත් කරයි; දල්වයි (ගිනි).