බුද්ධදත්ත පාලි අකාරාදිය – 730

සමුදීරිත

3. කියන ලද.

සමුදෙති

(සං+උ+ඉ+අ) හටගනී.

සමුපගච්ඡති

(සං+උප+ගමු+අ) එළඹේ; සමීපයට යේ.

සමුපගත

3. එළඹුණු.

සමුපගන්ත්වා

පූ.ක්‍රි. එළඹ; සමීපයට අවුත්.

සමුපගමන

න. එළඹීම.

සමුපගම්ම

පූ.ක්‍රි. එළඹ; සමීපයට අවුත්.

සමුපසොභිත

3. යුක්ත වූ.
3. සැරසූ.

සමුප්පජ්ජ

පූ.ක්‍රි. ඉපද; හටගෙන.

සමුප්පජ්ජති

(සං+උ+පද+ය) උපදී; හටගනී.

සමුප්පජ්ජන

න. හටගැන්ම.

සමුප්පජ්ජන්ත

3. හටගන්නා; හටගනිමින්.

සමුප්පජ්ජිත්වා

පූ.ක්‍රි. ඉපද; හටගෙන.

සමුප්පත්ති

ඉ. හටගැන්ම.

සමුප්පන්න

3. උපන්; හටගත්.

සමුප්පාද

පු. ඉපදීම.

සමුපාගච්ඡති

(සං+උප+ආ+ගමු+අ) එළඹේ; ළඟට ඒ.

සමුපාගත

3. ළඟට ආ.

සමුපාගන්ත්වා

පූ.ක්‍රි. එළඹ.

සමුපාගමන

න. ළඟට ඒම.

සමුපෙත

3. යුක්ත වූ.

සමුබ්බහති

(සං+උ+වහ+අ) උසුළයි.

සමුබ්බහන

න. ඉසිළීම.

සමුබ්බහන්ත

3. උසුළන; උසුළමින්.