බුද්ධදත්ත පාලි අකාරාදිය – 729

සමුද්ධරණ

න. ඉදිරීම; විපතින් ගැලවීම.

සමුද්ධරති

(සං+උ+හර+අ) උදුරයි; ඔසවයි; ගලවා ගනී.

සමුද්ධරන්ත

3. උදුරන; උදුරමින්; විපතින් මුදමින්.

සමුද්ධරිත්වා

පූ.ක්‍රි. උදුරා; ඔසවා; මුදාගෙන.

සමුදාගච්ඡති

(සං+උ+ආ+ගමු+අ) පහළ වේ; මතු වේ; රැස් වේ.

සමුදාගත

3. මතු වූ; රැස් වූ; හටගත්.

සමුදාගම

පු. මතු වීම; රැස් වීම; හටගැන්ම.

සමුදාචරණ

න. නිතර හැසිරීම හෝ පැවතීම.

සමුදාචරති

(සං+උ+ආ+චර+අ) නිතර පවතී; නිතර හැසිරේ.

සමුදාචරන්ත

3. නිතර පවත්නා හෝ හැසිරෙන.

සමුදාචරිතබ්බ

3. නිතර පැවතිය යුතු; හැසිරිය යුතු.

සමුදාචරිත්වා

පූ.ක්‍රි. නිතර පැවත හෝ හැසිර.

සමුදාචරිතුං

නි. නිතර පවතින්ට.

සමුදාචාර

පු. පැවැත්ම; ව්‍යවහාරය; හැසිරීම.

සමුදාචිණ්ණ

3. පුරුදු කළ.

සමුදාය

පු. රාශිය; සමූහය.

සමුදාහරණ

න. කථාව; කීම.

සමුදාහරති

(සං+උ+ආ+හර+අ) කියයි; ප්‍රකාශ කරයි.

සමුදාහරන්ත

3. කියන; කියමින්; ප්‍රකාශ කරමින්.

සමුදාහරිත්වා

පූ.ක්‍රි. කියා; ප්‍රකාශ කොට.

සමුදාහාර

පු. කථාව; කීම.

සමුදික්ඛති

(සං+උ+ඉක්ඛ+අ) බලයි.

සමුදිත

3. හටගත්.

සමුදීරණ

න. කම්පාව; කීම.