බුද්ධදත්ත පාලි අකාරාදිය – 760

සුක්ඛන

න. වේලීම.

සුක්ඛන්ත

3. වේලමින්; වේලෙන.

සුක්ඛමාන

3. වේලමින්; වේලෙන.

සුක්ඛවිපස්සක

3. ධ්‍යාන නොලබා විදර්ශනා වඩන්නා.

සුක්ඛාපන

න. වියලවීම; වේලවීම.

සුක්ඛාපිය

පූ.ක්‍රි. වේලවා.

සුක්ඛාපෙත්වා

පූ.ක්‍රි. වේලවා.

සුක්ඛාපෙති

(සුක්ඛ+ණාපෙ) වේලවයි.

සුක්ඛාපෙතුං

නි. වේලවන්ට.

සුක්ඛාපෙන්ත

3. වේලවන; වේලවමින්.

සුක්ඛිත

3. වේලන ලද; වේලූ.

සුක්ඛිතබ්බ

3. වේලිය යුතු.

සුක්ඛිත්වා

පූ.ක්‍රි. වේලී.

සුකුමාර

3. සියුමැලි; සුවසේ වැඩුණු.

සුකුමාරත්ත

න. මොලොක් බව; සුවසේ වැඩුණු බව.

සුකුසල

3. අති දක්ෂ වූ.

සුඛ

න. සැපය.

සුඛං

ක්‍රි.වි. සැ‍පසේ.

සුඛකාම

3. සැප කැමති; සැප කැමැත්තා.

සුඛත්ථි

3. සැප කැමති පුද්ගලයා.

සුඛත්ථික

3. සැප කැමති පුද්ගලයා.

සුඛද

3. සැප ගෙනදෙන.

සුඛනිස්සිත

3. සැපසේ හුන්.

සුඛපටිසංවෙදී

3. සැප විඳින්නා.