බුද්ධදත්ත පාලි අකාරාදිය – 87
අවමානෙත්වා
පූ.ක්රි. අවමන් කොට.
අවමානෙති
(අව+මාන+ණෙ) අවමන් කරයි; නිගා කරයි.
අවයව
පු. කොටස; ශරීරාවයවය.
අවරුජ්ඣති
(අව+රුධි+ය) බාධා කරයි; හිර කරයි.
අවරුද්ධ
3. අවහිර ලැබූ; හිර කළ.
අවරුන්ධති
(අව+රුධි+ංඅ) අවහිර කරයි; හිර කරයි.
අවරුන්ධන
න. වැළැක්වීම; හිර කිරීම.
අවරොධක
3. අවහිර කරන්නා.
අවරොධන
න. අවහිර කිරීම; යුද්ධයකදී වටලෑම.
අවලම්බති
(අව+ලබි+ංඅ) එල්ලෙයි.
අවලම්බන
න. අධාරය; එල්ලීම.
අවලිඛති
(අව+ලිඛ+අ) පීරයි; සූරා දමයි.
අවලිත්ත
3. ගාන ලද; තැවරුණු; තැවරූ.
අවලෙඛන
න. ලෙවකෑම; සූරා දැමීම.
අවලෙපන
න. ගෑම; තැවරීම; බදාම.
අවලෙහන
න. ලෙවකෑම.
අවසට
3. ඉවත්ව ගිය; බැසගත්.
අවසර
පු. අවකාශය; අවස්ථාව.
අවසරති
(අව+සර+අ) පැමිණේ; බසී.
අවසරිත්වා
පූ.ක්රි. පැමිණ.
අවසවත්තන
න. යටතෙහි නො පැවතීම.
අවස්සං
ක්රි.වි. ඒකාන්තයෙන්.
අවස්සය
පු. උපකාරය; පිහිට.
අවස්සයති
(අව+සි+ය) පිහිට කොට ගනී; හේත්තු වේ.