සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 172
ආතු
පු. ග්රාම්ය ව්යවහාරයෙහි පවත්නා පිතෘ පර්ය්යාය වචනයක්, නූගත් ස්ත්රියක් ලවා අසත්ය වචන කියවීම්. (පි. 125)
ආතුමා
පු. ආත්මය, තමා, ආත්මභාවය. (පි. 125)
ආතුර
පු. ලෙඩා, රොගියා, ආබාධ ඇත්තා, ගිලනා, (පි. 125)
ආතුර අනාතුර
පු. නිරොගී, ලෙඩනැති, ආබාධ විරහිත. (පි. 125)
ආතුරරූප
පු. රෝගීස්වභාවය, ලෙඩබව. (පි. 125)
ආතොජ්ජ
න. පඤ්චාඞ්ගිකතූර්ය්යය, ආතතාදිය. (පි. 125)
ආථබ්බ
පු. අථර්ව වෙදයට අයත්. (පි. 125)
ආථබ්බණ
පු. අථර්වවෙදය දත් තැනැත්තා - පරූපඝාතයට මන්ත්ර පිරවීම, අශ්වාදීන් මරා යාග කරන පිළිවෙළ දක්වන වෙදයකි. “ආථබ්බණ මන්තො නාම අථබ්බ වෙද විරහිතො පරූපඝාතකරො මන්තො.” (පි. 125)
ආථබ්බණික
පු. අථර්වවෙදය, දැන හදාරන්නා. (පි. 125)
ආදදති
ක්රි. (ආ+දද √ භු. දානෙ, දීමෙහි +ති) දෙයි, දානය කරයි. (පි. 125)
ආදදාති
ක්රි. (ආ+දා. ජු. දානෙ, දීමෙහි +ති) දානය කරයි. (පි. 125)
ආදර
පු. ආදරය, දයාව. (පි. 125)
ආදරණීය
ති. ආදරකටයුතු, දයාකටයුතු. (පි. 125)
ආදරතා
ඉ. දයාස්වභාවය, ආදරබව. (පි. 125)
ආදරිය
පු. න. ආදරයෙන් යුත්, ආදරය ඇති. (පි. 125)
ආදහති
ක්රි. (ආ+දහ √ භු. භස්මීකරණෙ, හලුකිරීමෙහි +ති) දවයි, හලුකරයි. (පි. 125)
ආද්යඤ්ඤපද
පු. ආදියෙහි අන්යපදය ඇති සමාසය ආද්යන්යපද නම් වේ. බහුව්රීහි සමාස විශේෂයකට නමකි. (පි. 125)
ආද්යුපලධි
ඉ. (ආදි+උපලද්ධි) ප්රථමොපලබ්ධිය, ප්රථම ලාභය. (පි. 125)
ආදාන
න. ගැනීම, ග්රහණය, පිළිසිද ගැනීම. (පි. 125)
ආදානගන්ථ
පු. තමාගේ සන්තානයෙහි ගැට ගැසී පවත්නා ග්රන්ථය. (පි. 125)
ආදානතණ්හා
ඉ. රූපාදී අරමුණුග්රහණය කරන තෘෂ්ණාව. (පි. 125)
ආදානධිප්පාය
පු. පැහැර ගැනීමට ඇති අදහස, සොරකමට මෙහෙයූ සිත ඇති. (පි. 125)
ආදානපටිනිස්සග්ග
පු. ගැනීම හා ප්රතික්ෂෙප කිරීම. (පි. 125)
ආදානවට්ටි
ඉ. බෙහෙත් ගැල්වූ රෙදි වැටිය, “වච්චමග්ගෙ භෙසජ්ජ මක්ඛිතා ආදානවට්ටී වා වෙළුනාලිකා වා වට්ටති”. (පි. 125)