සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 171
ආණාසම්පන්න
ති. අණින් යුක්ත වූ, ආඥා සම්පන්න වූ. (පි. 124)
ආණි
ඉ. ඇණය, රිය සකෙහි අකුර අග ගසන ඇණය, කඩ ඇණය. (පි. 124)
ආණිචොලක
න. වැරහැලි රෙදි කෑල්ල, කිලුටු රෙදි කඩ. (පි. 124)
ආණීද්වාර
න. පවුරුවලින් වට කරන ලද නගරයක කුඩාදොර. (පි. 124)
ආතඞක
පු. රෝගය, ආබාධය, සන්තාපය, තැවීම. (පි. 124)
ආතඞකඵස්ස
පු. රෝග ස්පර්ශය, රෝගයක පහස. (පි. 124)
ආතඞ්කී
පු. රෝග ඇත්තා, ලෙඩා, රෝගියා. (පි. 124)
ආතත
න. සමින් වෙළන ලද බෙර ආදිය අතුරෙන් එක් මුහුණකින් යුත් තූර්ය්ය භාණ්ඩය, සැළ බෙර, වජ්ර බෙර ආදිය, පතළ. (පි. 124)
ආතතවිතත
න. සර්වභාගයෙන් සමින් වෙළන ලද තූර්ය්ය විශේෂය, පණාබෙර ආදිය. (පි. 125)
ආතත්ත
ති. තබන ලද, රත්කළ, තම්බනලද. (පි. 124)
ආතප
පු. හිරුරැස්, අව්ව, ඉර අව්ව, සූර්ය්ය තාපය. (පි. 125)
ආතපත්ත
න. අව් අත්ත, ඡත්රය, කුඩය. (පි. 125)
ආතපතා
ඉ. දවන ස්වභාවය, තැවීම්බව. (පි. 125)
ආතපති
ක්රි. (ආ+තප. √ භු. තපනෙ, තැවීමෙහි +ති) තවයි, රත් කරයි. (පි. 125)
ආතපන
න. තැවීම, වීර්ය්යය, උත්සාහය. (පි. 125)
ආතපවාරණ
න. ඉරු රැස් මුවහකරන දෙය, කුඩය, ඡත්රය. (පි. 125)
ආතප්ප
පු. න. වීර්ය්යය, උත්සාහය, කෙලෙසුන් තැවීම පිණිස කරන වීර්ය්යය. (පි. 125)
ආතපොදක
න. (ආතප+උදක) මිරිඟු ජලය. (පි. 125)
ආතාප
පු. තැවීම, රත් කිරීම. (පි. 125)
ආතාපන
න. තැවීම, රත් කිරීම, වීර්ය්යය. (පි. 125)
ආතාපනපරිතාපන
න. තැවීම, හාත්පස තැවීම. (පි. 125)
ආතාපී
පු. වීර්ය්යවත්. කෙලෙස්තවන වීර්ය්ය ඇති. (පි. 125)
ආතාපෙති
ක්රි. (ආ+තප √ චු. දාහෙ, තැවීමෙහි +ණෙ+ති) තවයි, රත්කරයි. (පි. 125)
ආතිථෙය්ය
න. අමුත්තන්ට කටයුතු සත්කාරය, ආගන්තුක සඞ්ග්රහය. (පි. 125)