සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 170
ආඨපිත
ති. උකස, උකස් තබන ලද්ද, ණයක් ගත් විට එය දෙනතුරු ණය හිමියා වෙත තබන ලද දෙය. (පි. 123)
ආඩම්බර
න. දර්පය, ගර්වය, හර්ෂය, එඩිය, ධන ගර්වය, ආරම්භය. (පි. 123)
ආඪක
න. ලාභ, ලාස්ස, ආඪකය, ලහසුබව.
පු. ආළහකය, පත සතර, සම්පූර්ණ දෝත, ධාන්ය මුෂ්ටි 221, ද්රොණයකින් සතරෙන් කොටස, ලාස්ස. (පි. 123)
ආණත්ත
ති. අණවනලද, නියම කරන ලද. (පි. 124)
ආණත්ති
ඉ. අණ කිරීම, අණකිරීම නම් නිස්සය පණා මනයයි. ආණත්තිය, නිස්සය පණාමනය බිඳෙන කරුණුවලින් එකක්, “එත්ථ ආණත්තීති ආණාපනං වුච්චති.” (පි. 124)
ආණත්තික
පු. විධායකයා, අණවන්නා, විදානේ.
පු. ඇණවීම කරන්නා, අදින්නාදාන පාරාජිකාවේ සාහත්ථික පඤ්චකයෙහි එක අඞ්ගයක්, (පි. 124)
ආණත්තිකපයොග
පු. ඇණවූ කෙණෙහිම අනුන් සතු වස්තුව ගැනීමෙහි යෙදීම, ආණත්තික ප්රයෝගය. (පි. 124)
ආණත්තිකමනුස්සඝාත
න. නියම කිරීමෙන් කරණු ලබන මිනිස් දිවිතොර කිරීම - මනුෂ්ය ඝාතනය. (පි. 124)
ආණත්තික්ඛණ
න. අණ කළ මොහොත, ඇණවූ ක්ෂණය, “ආණාපකස්ස ආණත්තික්ඛණෙ ආපත්ති.” (පි. 124)
ආණත්තිනියාමක
පු. ඇණවීම සිදුකරන - සිදුකරන්නා. ප්රාණතිපාතය පිළිබද ප්රයෝගසයෙහි ඇණවීම සිදු කරන, (මනුස්ස විග්ගහ පාරාජිකා) (පි. 124)
ආණා
ඉ. නීතිය, ආඥාව, අණ, නියොගය, විධානය. ව්යවස්ථාව, (පි. 124)
ආණාඅරහ
ති. නියම-අණ කිරීමට සුදුසු, නියමයන් පැණවීමට යෝග්ය, (පි. 124)
ආණාක්ඛෙත්ත
න. ආඥා ක්ෂෙත්රය, අණ පැතිරීමේ පෙදෙස - භූමිය, තෙවැදෑරුම් බුද්ධක්ෂෙත්රයන්ගෙන් එකක්, රතන සූත්රාදීන්ගේ ආනුභාවය කෙළ ලක්ෂයක් සක්වල පවත්නා බැව් දෙශිතයි. (පි. 124)
ආණාචක්ක
න. අණසක, ආඥා චක්රය. (පි. 124)
ආණාදෙසනා
ඉ. ආණා දේශනාව, විනය පිටක, පිටකත්රය අතුරෙන් විනය පිටකය අණ බහුල කොට දේශනා කළ බැවින් ඊට ආණා දෙසනා යන නම ලැබින. “ආණා රහෙන භගවතා ආණාබාහුල්ලෙන දෙසිතත්තා ආණා දේසනා”.
ඉ. ආඥාව බහුලකොට ඇති දේශනාව, විනය දේසනාව, විනය පිටකය. (පි. 124)
ආණාපක
පු. (ආණා+ප+ ණවු = අක) විධායකයා, අණවන්නා. (පි. 124)
ආණාපන
න. විධානය, ඇණවීම, නියොගය. (පි. 124)
ආණාපවත්ති
ඉ. අණ පිහිටුවීම, විධානකිරීම. (පි. 124)
ආණාපාණසති
ඉ. ආශ්වාස ප්රශ්වාසයන් සිහියේ තබාගෙන කරන භාවනාවකි, (සතිපට්ඨාන සූත්රය) (පි. 124)
ආණාපාතිමොක්ඛ
පු. ආණා ප්රාතිමොක්ෂය, අඩ මසක් පාසා උදෙසියයුතු ප්රිතාමොක්ෂය, භික්ෂු-භික්ෂුනීන් විසින් පොහොය සීමාවන්හි දී මෙය දේශනා කළ යුතුයි. ආණා ප්රාතිමෝක්ෂය, අඩ මසක් පාසා උදෙසියයුතු ප්රාතිමෝක්ෂය (පි. 124)
ආණාපිත
ති. අණවන ලද, විධාන කරන ලද. (පි. 124)
ආණාපිය
පු.ක්රි. අණ කොට, ගෙන්වා. (පි. 124)
ආණාපෙත්වා
පු.ක්රි. ගෙන්වා, අණවා. (පි. 124)
ආණාපෙති
ක්රි. (ආණ √ චු. පෙසනෙ, මෙහෙයීමෙහි +ණෙ+තී) මෙහෙයයි, අණවයි. (පි. 124)