සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 169
ආජානන
න. ඉගෙනුම, දැනීම, තේරුම් ගැනීම, ඥානය. (පි. 123)
ආජානාති
ක්රි. (ආ+ඤා √ භු. අවබොධෙනා+ති) තේරුම් ගනියි, දනියි, උගනියි. (පි. 123)
ආජානීය(අ)
ඒ ඒ ජාතියෙන් උත්තමයා යන අර්ථයෙහි වූ ආජානීය ප්රත්යය උතුම් යන අර්ථයයි, එනම් උතුම් අශ්වයා. (පි. 123)
ආජානීයතා
ඉ. ආජානීයත්වය, උසස් උත්පත්තියක් ඇති බව. (පි. 123)
ආජානීයසුසු
පු. උතුම් අශ්ව පැටියා, ආජානීය අශ්වයා. (පි. 123)
ආජිකාසප්පී
න. එළුකිරෙන් සෑදු ගිතෙල්, එළු ගිතෙල්. (පි. 123)
ආජීර
න. රාජාඞගනය, මිදුල, රජ මිදුල. (පි. 123)
ආජීව
න. ජීවනොපාය, ජීවිකාව, දිවෙල, පැවතීම. (පි. 123)
ආජීවක
පු. ජීවිකාව සොයන අය, තාපස කොටසක්, බුද්ධ කාලයේ විසූ ආජීවක නිකායට අයිති තාපස කොටසක්. (පි. 123)
ආජීවකචොදනා
ඉ. ආජීව විපත්තියෙන් චෝදනා කිරීම, සිව්වැදෑරුම් චෝදනාවන්ගෙන් එකක්. (පි. 123)
ආජීවකසාවක
පු. ආජීවිකයන්ගේ ගිහි ගෝලයා, අසන්නා. (පි. 123)
ආජීවට්ඨමකසීල
න. ආජීවය අටවැනි කොට ඇති සීලය, ත්රිවිධ කාය සුචරිතය, චතුර්විධ වාක් සුචරිතය හා පරිශුද්ධ ආජීවය යන අට. (පි. 123)
ආජීවපාරිසුද්ධි
ඉ. ආජීව පාරිශුද්ධිය. මිත්යාජීවයෙන් වෙන්ව සම්යක් ජීවිතයක් ගත කිරීම. දැහැමෙන් සෙමෙන් දිවි පැවැත්ම. (පි. 123)
ආජීවපුච්ඡා
ඉ. ආජීවවිපත්තිය විචාරීම, සිවුවැදෑරුම් විපත්තීන්ගෙන් කවර විපත්තියදැයි විචාරීම. (පි. 123)
ආජීවභණ්ඩක
න. ජීවත්වීමට සුදුසු වස්තුව, ජීවිතය ගෙනයෑමට අවශ්ය උපකරණ. (පි. 123)
ආජීවවිපත්ති
ඉ. දැහැමෙන් සෙමෙන් දිවි පැවැත්මට ඇති බාධා. (පි. 123)
ආජීවසම්පදා
ඉ. ධාර්මික ජීවිතයක් ගත කිරීමට හේතුවන සම්පත්. (පි. 123)
ආජීවික
න. ජීවිතයේ පැවැත්ම, ජීවිකාව, ජීවත්වීම. (පි. 123)
ආජීවිකාපකත
ති. ජීවත්වීමක් නැති, ජීවිකා වෘත්තියෙන් තොර කළ. (පි. 123)
ආට
පු. එක්තරා පක්ෂි වර්ගයකට අයත් කුරුල්ලෙක්, හැන්දක් වැනි හොට ඇති කුරුල්ලෙක්, “ආටාති දිබ්බමුඛ සකුණා“ (පි. 123)
ආටවිය
ති. වනයට අයත්, කැලෑවට අයිති. (පි. 123)
ආටානාටිය
න. ආටානාටිය සූත්රය, දික් සඟියේ පාටික වර්ගයට අයත් සූත්රයක්, පිරිත් කීමේදී හමාර බණවරට ඇතුළත් කොට දෙසනු ලැබේ, “ආටානාටෙ (නගරෙ) කතං, ආටානාටියං” ආටානාටියංති ආටානාට නගරෙ බද්ධත්තා එවං නාමං.” (පි. 123)
ආඨපන
න. තැබීම, ඉදිකොට තැබීම. (පි. 123)
ආඨපනා
ඉ. තැබීම, හොඳට තැබීම, සුදුසු ලෙස තැබීම. (පි. 123)