සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 168
ආචාරවිනය
පු. හැසිරීමෙහි දක්ෂබව, ආචාර සමාචාර දෙකින් රැකියයුතු චාරිත්ර ශීලය. (පි. 122)
ආචාරවිපත්ති
ඉ. ආචාර විපත්තිය, පාරාජික සඞ්ඝාදිසෙසාපත්ති දෙක හැර ඉතිරි පඤ්චාපත්තිස්කන්ධය ආචාර විපත්තියි. (පි. 122)
ආචාරවිපන්න
ති. අනියත, පචිති, පාටිදෙසනීය, සෙඛියා, අධිකරණ සමථ යන පඤ්චාපත්තිස්කන්ධයන් අතුරෙන් යම් ඇවතකට පැමිණ එයින් නැගී නොසිටින්නා. (පි. 122)
ආචාරියකුල
න. ආචාර්ය්යකුලය, ඇදුරුපරපුර. (පි. 121)
ආචික්ඛති
ක්රි. (ආ+චික්ඛ √ භු. වාචෙ, කීමෙහි +ති) කියයි, ප්රකාශ කරයි. දන්වයි. (පි. 122)
ආචික්ඛන
න. කීම, ප්රකාශ කිරීම, දැන්වීම. (පි. 122)
ආචික්ඛන්ත
ති. කියමින්, ප්රකාශ කරමින්. (පි. 122)
ආචික්ඛිත
ති. කියූ, ප්රකාශ කළ, දැන්වූ. (පි. 122)
ආචික්ඛිතමග්ග
ති. කියූපාර, කියනලද මාර්ගය. (පි. 122)
ආචික්ඛිතු
පු. කියන්නා, දන්වන්නා, ප්රකාශ කරන්නා. (පි. 122)
ආචිණති
ක්රි. (ආ+චි. √ කි. චයෙ, රැස්කිරීමෙහි +ණ+ති) රැස්කෙරෙයි, එකතුකරයි. (පි. 122)
ආචිණ්ණ
ති. ආචීර්ණ, පුරුදු කළ, පරම්පරාවෙන් පුරුදුවී පවතින, ප්රකෘතිය, ස්වභාවය. (පි. 122)
ආචිණ්ණකප්ප
පු. පරම්පරාවෙන් පුරුදු කරන ලද්ද, ආචීර්ණ කල්පය, විශාලාමහනුවර වජ්ජිපුත්රක භික්ෂූන් ඉපදවූ දශවස්තුවෙන් එකක්, පරම්පරාවෙන් පුරුදු කළදේ, එසේ කිරීම වැරදි නැත යන මතය. (පි. 122)
ආචිණ්ණසමාවිණ්ණ
ති. පුරුදුකළ, මනා කොට පුරුදු කළ, (පි. 122)
ආචිණ්ණාපරිවිණ්ණ
ති. පුරුදුකළ, නිතර පුරුදුකළ, එවැනි සිරිත් විරිත්, (පි. 122)
ආචිත
ති. පුරුදු කළ, ප්රගුණ කළ, රැස්කළ. (පි. 122)
ආචීයති
ක්රි. (ආ+චි. √ කි. වයෙ -රැස්කිරීමෙහිය+ති) වැඩෙයි දියුණු කරයි, ගොඩගසයි. (පි. 122)
ආචෙර
පු. ආචාර්ය්යවරයා, ගුරුවරයා. (පි. 123)
ආචෙරක
න. ආචාර්ය්ය මතය, ආචාර්ය්යවාදය, “ආචෙරකම්හි ච සකෙ විසාරදො.” (පි. 123)
ආචෙල
ති. අබරණින් සැරසුනු, ආභරණයන්ගෙන් අලංකාර කළ. (පි. 123)
ආජඤ්ඤ
පු. ආජානීය නම් අශ්වයා, ආජානීය නම් උසස් කුලයෙන් උපන් අශ්වයා. (පි. 123)
ආජඤ්ඤරථ
න. ආජානීය අශ්වයන් යෙදූ රථය, “ආජඤ්ඤ යුත්තො රථො ආජඤ්ඤ රථො“ (පි. 123)
ආජව
න. උරා ගැනීම, නියුක්ත වීම. (පි. 123)
ආජාන
ති. අවබෝධ කරගත හැකි, තේරුම් ගත හැකි. (පි. 123)