සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 167
ආචරියපාචරිය
පු. ආචාර්ය්ය ප්රාචාර්ය්ය, ගුරුවරයා හා ගුරුවරයාගේ ගුරුවරයා, “ආචාරියස්ස ආචාරියො පාචරියො.” (පි. 121)
ආචරියභරියා
ඉ. ඇදුරු බිරිඳ, ආචාර්ය්ය භාර්ය්යාව. (පි. 122)
ආචරියභාග
පු. ශාස්ත්ර ඉගැන්වූ ගුරුවරයාට දෙන ගුරු පඬුරු, ආචාර්ය්ය භාගය, (පි. 122)
ආචරියමග්ග
පු. ආචාර්ය්යයන්ගේ කථා මාර්ගය, (පි. 122)
ආචරියමත්ත
න. ගුරුවරයෙකු වැනි, ආචාර්ය්ය සමාන. (පි. 122)
ආචරියමතික
පු. ගුරු මතය නොඉක්මවන, ආචාර්ය්යමතයෙහි සිටින. (පි. 122)
ආචරියමුඛ
න. ගුරුවරයෙකු හමුව, ගුරුමුව. (පි. 122)
ආචරියමුට්ඨි
ඉ. ගුරුවරයන් ශිෂ්යයන්ට නොකියා රහසේ තබා ගන්නා කොටස, ගුරුමිට. “නත්ථානන්ද තථාගතස්ස ධම්ම විනයෙ ආචරියමුට්ඨි.” (පි. 122)
ආචරියලෙස
පු. ගුරුවරයා හා එක් කොටසකින් සමාන බව, ආචාර්ය්ය ලෙශය. (පි. 122)
ආචරියවත්ත
න. ඇදුරුවත්, අන්තෙවාසිකයන් විසින් ගුරුවරුන්ට කළයුතු වතාවත, ගුරුවරුන් විසින් අතැවැසියන්ට කළ යුතු වත්, (චුල්ලවග්ගපාලි වත්තක්ඛන්ධකය.) (පි. 122)
ආචරියවාද
පු. ආචාර්ය්ය වාදය, ස්ථවිරවාදයෙන් අන්යවූ මහායාන නිකාය, මහාසංඝිකාදී භික්ෂුනිකායයෝ, ‘අට්ඨාරස ආචරියවාදා දුතියෙ වස්ස සතෙ උප්පන්නා.” (පි. 122)
ආචරියසුද්ධි
ඉ. ආචාර්ය්ය පරම්පරාවෙන් ආ පිරිසිදු දැනීම, ආචාර්ය්ය ශුද්ධිය. (පි. 122)
ආචරියානී
ඉ. ආචාර්ය්ය භාර්ය්යාව, ගුරු බිරින්ද, (පි. 122)
ආච්ඡාදෙති
ක්රි. (ආ+ඡාද √ භු. ඡාදනෙ, හැඳීමෙහි +ණෙ+ති) හඳියි, රෙදි හඳියා, පිළි හඳියි. (පි. 120)
ආචාම
පු. බත්දන්කුඩ, බතින් පෙරූ කැඳ, කැඳ. (පි. 122)
ආචාමභක්ඛ
ඉ. බත් දන් කුඩ බුදින්නා. (පි. 122)
ආචාර
පු. චාරිත්රය, මනා පැවැත්ම, හැසිරීම, චරිතය. (පි. 121)
ආචාරකුසල
පු. මනා පැවැත්මෙහි දක්ෂ ආචාරයෙහි දක්ෂ. (පි. 122)
ආචාරගත
ති. චරිතය, ආචාරයට ඇතුළත්, (පි. 122)
ආචාරගොචර
පු. ආචාරය හා ගෝචරය, ධර්මානුකූල හැසිරීම හා ගෝචරය. (පි. 122)
ආචාරචොදනා
ඉ. ආචාර විපත්තියෙන් චෝදනා කිරීම. (පි. 122)
ආචාරදිට්ඨි
ඉ. ආචාර විපත්තිය හා දිට්ඨි විපත්තිය. (පි. 122)
ආචාරපුත්ත
පු. ආචාරවත් කුලපුත්රයා, මනා කුල සිරිත් ඇති කුල පුත්රයා. (පි. 122)
ආචාරභෙද
පු. චාරිත්ර විශේෂයක්. (පි. 122)