සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 186

ආමජීරණ

න. ආමාජීර්‍ණය, ආහාර නොදිරීමෙන් වන අජීර්‍ණ රෝගය. (පි. 134)

ආමට්ඨ

ති. ආමර්‍ශනය කළ, ස්පර්ශකළ. (පි. 133)

ආමණ්ඩ

පු. රටඑරඬු, එරඬු, නෙල්ලි. (පි. 133)

ආමත්තිකා

ඉ. මැටිභාජන, වලන්, පිඟන්, කෝප්ප ආදී මැටි බඳුන්. (පි. 133)

ආමත්තිකාපන

න. පිඟන්කෝප්පාදී මැටි භාජන ඇති වෙළඳසැල. (පි. 133)

ආමත්ථ

ති. ආරාධනා කළ, නිමන්ත්‍රණය කළ. (පි. 133)

ආමද්දන

න. මැඩීම, පොඩිකිරීම, මිරිකීම. (පි. 133)

ආමද්දික

ති. මඬනාලද, පොඩිකළ, මිරිකන ලද. (පි. 133)

ආමන්තන

න. ආමන්ත්‍රණය, පැවරීම, ආරාධනය. (පි. 133)

ආමන්තනක

ක්‍රි. කථාපවත්වන, කථාකරන, අමතන (පි. 134)

ආමන්තනවචන

න. ආමන්ත්‍රණය කරන වචන - කථාව, (ආලපන විභක්තිය) (පි. 133)

ආමන්තනික

ති. ආමන්ත්‍රණය ඇත්තා, ආරාධනා ලද තැනැත්තා (පි. 134)

ආමන්තනිකා

ඉ. සමග හැසිරෙන්නී, හිතවත් දෙවිය, (පි. 134)

ආමන්තනීය

පු. ආමන්ත්‍රණය කටයුතු, ඇමතිය යුතු. (පි. 134)

ආමන්තයති

ක්‍රි. (ආ+මන්ත √ චු. භාසනෙ, කීමෙහි +ණය+ති) අමතයි, ආරාධනා කරයි. (පි. 134)

ආමන්තයි

ක්‍රි. (ආ+මන්ත √ චු. භාසනෙ, කීමෙහි +ණය+ඊ) ඇමතුයේය, ආරාධනා කෙළේය. (පි. 134)

ආමන්තික

ති. ආමන්ත්‍රණයකළ, ඇමතූ. (පි. 134)

ආමන්තෙත්වා

පු.ක්‍රි. අමතා, කථාකොට. (පි. 134)

ආමන්තෙති

ක්‍රි. (ආ+මන්ත √ චු. ණෙ+ති) ආමන්ත්‍රණය කරයි, ආරාධනා කරයි. (පි. 134)

ආමය

පු. රෝගය, අජීර්‍ණය. (පි. 134)

ආමයන්තර

පු. රෝග භේදයක්, ව්‍යාධි විශේෂයක්. (පි. 134)

ආමයාවී

ති. ලෙඩ ඇත්තා, රොගියා. (පි. 134)

ආමලක

න. නෙල්ලි, ඇඹුලු, මැණික, මිණ. (පි. 134)

ආමලකී

ඉ. නෙල්ලි, ඇඹුලු, නෙල්ලිගස, නෙල්ලිගෙඩි. (පි. 134)