සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 185

ආභුජන

න. පසුබැසීම, වීර්‍ය්‍ය අඩු කිරීම, නැමීම. (පි. 133)

ආභුජිත්වා

පු.ක්‍රි. පළක්බැඳ, කකුල් ගොතා හිඳ, අරමිනිය ගොතා හිඳ. (පි. 133)

ආභුඤ්ජන

න. පාලනය, ප්‍රයොජනය, අනුභවය. (පි. 133)

ආභූජි

ඉ. රුක්බුරුදගස, භුජපත්‍ර වෘක්ෂය. (පි. 133)

ආභූඤ්ජති

ක්‍රි. (ආ+භුජ √ රු. පාලනභ්‍යව හරණෙ, පාලනයෙහි හා අනුභවයෙහි +ති) පාලනය කෙරෙයි, වළඳයි. (පි. 133)

ආභෙති

ක්‍රි. (ආ+භා √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) බබලයි, හොබවයි. (පි. 133)

ආභොග

පු. ආවර්‍ජනය, මනස්කාරය, මෙනෙහි කිරීම, පරිපූර්‍ණ, සැපවිඳීම. (පි. 133)

ආභොග - ආහර

පු. ආවර්‍ජන ආහාරය, මනස්කාර ආහාරය. (පි. 133)

ආම

ති. නොපැසුණු, නොඉදුනු, අමු, පු. ව්‍යාධිය, අජීර්‍ණරෝගය.
අ. ස්වීකාරයෙහි, වචන පිළිගැන්මෙහි, එසේය, එහෙයි, ඔව්, “ආම භන්තෙ”, අජීර්ණ රෝගය (පි. 133)

ආමක

පු. අමු, නොපැසුණු, නොමුහුකළ. (පි. 133)

ආමකධඤ්ඤ

න. නොපැසුණු - අමු ධාන්‍ය, හැල්, වී ආදී සත් වැදෑරුම් ධාන්‍ය. (පි. 133)

ආමකපටිග්ගහණ

න. අමුධාන්‍ය පිළිගැනීම, භික්ෂූන්ට නොකැප සත් වැදෑරුම් ධාන්‍ය පිළිගැනීම. (පි. 133)

ආමකපූතික

පු. මෙනම් ඇති පුද්ගලයා, ජීවමතක තැනැත්තා, අලජ්ජි පුද්ගලයා, පිරිසිදු හෝ අපිරිසිදු යයි කිව නොහැකි තැනැත්තා, “ජීවමතකෙ නාම ආමක පූතිකො නාම.” (පි. 133)

ආමකභණ්ඩිකලසුන

න. විශාල ගණනක් බික් ඇති අමු ළූනු, මගධරට හැදෙන මෙවැනි ළූනු භික්ෂුනීන්ට කෑමට තහනම් කර ඇත. (පි. 133)

ආමකමාංස

න. නොපිසූ මස්, අමුමස්, අමනුස්ස උපද්‍රවයකදී පමණක් අනුදන්නා ලද මස්, මහාවග්ග පාලියෙහි දක්වා ඇති “අනුජානාමි භික්ඛවෙ අමනුස්සකාබාධෙ ආමකමංසං ආමකලොහිතං” (පි. 133)

ආමකලසුන

න. අමු ළූනු, රාශියක් බික් ඇති අමු ළූනු. (පි. 133)

ආමකලොහිත

න. අමු ලේ, අලුත් ලේ, යක්ෂොපද්‍රවාදීන්හිදී පමණට බීමට අනුදත් ලේ. (පි. 133)

ආමකසාක

න. අමු එළවළු, පලා ජාති. (පි. 133)

ආමකසාඛා

ඉ. අමු අතු, නොවියලි අතු. (පි. 133)

ආමකසුසාන

න. අමුසොහොන, වැළලීම් - දැවීම් නොකොට අමු මිනී ගෙන ගොස් දමන සොහොන, සීවථිකාව, පෙර මෙහි මළමිනී පිළිස්සීම හෝ වැළලීම නොකරන ලදී. (පි. 133)

ආමගන්ධ

පු. මස් ගඳ, දුගඳ, කෙලෙස්, මිනී දුම්, ක්‍රෝධය. (පි. 133)

ආමගන්ධි

ති. අමුමස්ගඳ ඇති, නොපැසුණු මාංස මල ආදියෙහි දුර්‍ගන්ධය, මිනීදැවීමෙන් නගිනදුම. (පි. 133)

ආමගිද්ධ

න. මාංශලෝභය, මසෙහි ගිජු බව. (පි. 133)

ආමජර

පු. ආමජ්වරය. (පි. 133)