සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 184
ආභස්සරපීති
ඉ. එනම් බඹලොව පිළිබඳ ප්රීතිය. (පි. 132)
ආභස්සරමෙත්තා
ඉ. එනම් බඹලොව වැසි බඹුන්ගේ මෛත්රිය. (පි. 132)
ආභස්සරූපග
පු. (ආභස්සර+උපග) ආභාස්සරයට පැමිණි. (පි. 132)
ආභා
ඉ. ප්රභාව, දීප්තිය, රශ්මිය. (පි. 132)
ආභාකර
පු. ආලෝකකරන්නා, හිරු, සූර්ය්යයා. (පි. 132)
ආභාති
ක්රි. (ආ+භා √ භා. දිත්තියං, බැබලීමෙහි +ති) දිලිසෙයි. (පි. 132)
ආභාවන
ති. වර්ධනය, වැඩීම. (පි. 132)
ආභාවෙති
ක්රි. (ආ+භා √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) වර්ධනය කරයි, (පි. 132)
ආභාස
පු. ආලෝකය, එළිය. (පි. 132)
ආභික්ඛඤ්ඤ
න. නිරන්තර භාවය, අභික්ඛණස්ස භාවො ආභික්ඛඤ්ඤං: (පි. 132)
ආභිචෙතසික
පු. උත්තම චිත්තයෙහිවූ. (පි. 132)
ආභිදොසිකකාලකතා
ති. ඊයේ රාත්රියේ මළ, ඊයේ රෑ කාලක්රියාකළ. (පි. 132)
ආභිදොසිත
පු. රාත්රිමුඛයෙහිවූ, ඊයේ සවසවූ. (පි. 132)
ආභිධම්මික
පු. අභිධර්මය දැනහදාරන්නා, බිදම්දන්නා. (පි. 132)
ආභිනන්දන
ති. අභිනන්දනය, සතුටින් පිළිගැනීම. (පි. 132)
ආභින්දති
ක්රි. (ආ+භිද(දි) √ රු. විදාරනෙ, පැළීමෙහි +න+ති) බිඳියි, පලයි. (පි. 132)
ආභිමුඛ
පු. ආභිමුඛ්යය, ප්රධාන බව. (පි. 132)
ආභිමුඛ්ය
පු. අබිමුඛභාවය, ඉදිරිබව, ප්රධාන බව. (පි. 132)
ආභිසමාචාරික
ති. ශාසනයෙහි චාරිත්රසීලය, වතාවත්, ක්ෂුද්රානුක්ෂුද්ර ශික්ෂාශීලය, “අභිවිසිට්ඨා උත්තමො සමාචාරො = අභිසමාචාරො, ආභිසමාචාරොව = ආභිසමාචාරිකං.” (පි. 132)
ආභිසිත්ත
පු. අභිෂේකකළ, අභිෂේකයෙන් උපන්. (පි. 132)
ආභිසෙක
පු. අභිෂේකයට සුදුසු, කිරීට ධාරණයට යොග්ය. (පි. 132)
ආභිසෙකික
පු. අභිෂේකයට සුදුස්සා, රජුන් අභිෂේක මඩුයෙහි දමා යන පිළිය. (පි. 132)
ආභිසෙඛී
පු. අභිෂේක ඇත්තා, ඔටුණු දැරුවහු. (පි. 133)
ආභුජති
ක්රි. (ආ+භූජ √ තු. කොටිල්ලෙ, වක්ව යාමෙහි +ති) කුටිලව යෙයි, පළක් බැඳ සිටියි, පසුබසියි. (පි. 133)