සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 183
ආපොරස
ජල රසය, දියරසය. (පි. 131)
ආපොසම
න. ජලය සම, වතුර හා සමාන. (පි. 131)
ආඵුසති
ක්රි. (ආ+ඵූස √ භු. ඵුසතෙ, ස්පර්ශකිරීමෙහි +ති), ස්පර්ශ කරයි, පැමිණෙයි, අවබෝධකරයි. (පි. 131)
ආඵුසන
න. ස්පර්ශ කිරීම, ගැටීම, පැමිණීම. (පි. 131)
ආඵුසිත
ති. ස්පර්ශකළ, ගැටූ, පැමිණි. (පි. 132)
ආබද්ධ
ති. ආදියෙහි බඳනා ලද, හාත්පසින් බඳනා ලද, බඳනා ලද. (පි. 132)
ආබද්ධපටිබද්ධ
පු. ආදියෙහි පටන් වෙසෙසින්, බඳනා ලද, “ඉමානි ද්වෙපි කුලානී යාව සත්තමා කුලපරිවට්ටා ආබද්ධපටිබද්ධ සහායකා නෙව” (පි. 132)
ආබන්ධ
පු. බඳනාලද, දැඩිව බඳනාලද. (පි. 132)
ආබන්ධක
පු. දැඩි කොට බන්ධනය කළ අය, ආබන්ධන ස්වභාවය ඇත්තා. (පි. 132)
ආබන්ධති
ක්රි. (ආ+බන්ධන √ භු. බන්ධනෙ, බැඳීමෙහි +ති) බඳියි, ගැටගසයි. (පි. 132)
ආබන්ධන
න. බැඳීම, පෙර පටන් බැඳීම, පළමු කොට බැඳීම. (පි. 132)
ආබන්ධිත
ති. බඳනා ලද, ආදියෙහි පටන් බඳනා ලද. (පි. 132)
ආබාධ
පු. ව්යාධිය, රෝගය, ලෙඩේ, පීඩාව. (පි. 132)
ආබාධපච්චයා
ති. ආබාධයක් නිසා, ලෙඩක් නිසා, රෝගයක් නිසා. (පි. 132)
ආබාධික
පු. ආබාධ ඇත්තා, රොගියා, ලෙඩා. (පි. 132)
ආබාධිකිනී
ඉ. ආබාධ ඇත්තී, රොග ඇත්තී. (පි. 132)
ආබාධිත
ති. පීඩාවන ලද, ආබාධ හටගන්නා ලද. (පි. 132)
ආබාධෙති
ක්රි. (ආ+බධ √ චු. බන්ධනෙ, බැඳීමෙහි +ණෙ+ති) පීඩාකරයි, බාධා කරයි. (පි. 132)
ආබිල
ති. කැළඹුණු, අපවිත්ර වූ. (පි. 132)
ආභත
ති. එළවනලද, පමුණුවනලද, ගෙන එනලද. (පි. 132)
ආභතක
පු. ගෙන ආ, එළවූ, පැමිණවූ. (පි. 132)
ආභරණ
ති. ආබරණ, පළඳනාව, සැරසීම. (පි. 132)
ආභරති
ක්රි. (ආ+භර √ භු. පොසනෙ, පොෂ්යය කිරීමෙහි +ති) පොෂ්යය කරයි, වර්ධනයකරයි. (පි. 132)
ආභස්සර
පු. ආලෝකය ඇති, එනම් බඹලොව. (පි. 132)