සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 182

ආපාදෙති

ක්‍රි. (ආ+පද √ චු. ගතියං, යාමෙහි +ණෙ+ති) පාලනය කෙරෙයි, ගොපනය කෙරෙයි. (පි. 131)

ආපාන

න. මද්‍යපානය, සුරාපානය. (පි. 131)

ආපානක

පු. රහමෙර බීමෙහි නියුක්තයා, සුරා සොඬා, (පි. 131)

ආපානභූමි

ඉ. පානභූමිය, සුරා සැල, මද්‍යපානස්ථානය, තැබෑරුම, (පි. 131)

ආපානීය

ති. පානය කළ යුතු, බීමට සුදුසු, පියයුතු, (පි. 131)

ආපානීයකංස

න. පැන්බොන භාජනය, බොන භාජනය. (පි. 131)

ආපායික

පු. අපායට අයිති, අපායට හිමි. (පි. 131)

ආපු

√ චු. ලම්බනෙ, දික්වීමෙහි, ආපෙති, දික්වෙයි. (පි. 131)

ආපුච්ඡක

පු. විචාරන්නා, ප්‍රශ්නකරන්නා. (පි. 131)

ආපුච්ඡකරණ

න. පිළිවිස කිරීම, මහලු තැනින් විචාරා කිරීම. (පි. 131)

ආපුච්ඡති

ක්‍රි. (ආ+පුච්ඡ √ භු. පුච්ඡනෙ, විචාරිමෙහි +ති) විචාරයි, පිළිවිසියි. (පි. 131)

ආපුච්ඡන

න. විචාරීම, ප්‍රශ්නකිරීම. (පි. 131)

ආපුච්ඡිත

ති. විචාළ, ප්‍රශ්න කළ, පිළිවිසූ. (පි. 131)

ආපුච්ඡිතබ්බ

ති. විචාළ යුතු, ප්‍රශ්න කළයුතු, ඇසිය යුතු. (පි. 131)

ආපූරණ

න. හාත්පසින් මනාකොට පිරවීම, සම්පූර්‍ණ කිරීම. (පි. 131)

ආපූරති

ක්‍රි. (ආ+පුර √ භු. පුරණෙ, සම්පූර්‍ණ කිරීමෙහි +ති), පුරවයි, සම්පූර්‍ණ කරයි, “ආපූරති තත්ථ යසො සුක්ඛ පක්ඛෙව වන්දිමා” (පි. 131)

ආපූරාපෙති

ක්‍රි. (ආ+පුර √ මු. ආප්‍යායනෙ, ප්‍රීතියෙහි, තෘප්තියෙහි +ණෙ+ති) ප්‍රීතිකරයි, තෘප්තිකරයි. (පි. 131)

ආපූරිත

ති. පුරවනලද, සම්පූර්‍ණ කළ. (පි. 131)

ආපෙසි

න. ඉඳිකඩුල්ල, ඉඳිකඩ, “ආපෙසීති දීඝ දාරුම්හි ඛානුකෙ පවෙසෙත්ව කණ්ඨක සාඛාහි විනන්ධිත්වා කතං ද්වාරත්ථකනං.” (පි. 131)

ආපොකසිණ

න. ආපොධාතුව අරමුණුකොට කසිණ භාවනා කිරීම, ආපො කසිණය, දසකසිණයන් අතුරෙන් එකක්. (පි. 131)

ආපොඨන

න. පෙළීම, පොඩිකිරීම. (පි. 131)

ආපොඨිත

ති. පොඩිකළ, පෙළූ. (පි. 131)

ආපොඨෙති

ක්‍රි. (ආ+පොඨ √ චු. ආපොඨනෙ, තැලීමෙහි +ණෙ+ති) තලයි. (පි. 131)

ආපොධාතු

ඉ. ආප්ධාතුව, ජලය, දිය, ද්‍රව ලක්ෂණය. (පි. 131)