සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 181
ආපථික
පු. මිථ්යාමාර්ගයට බට, (පි. 130)
ආපදා
ඉ. විපත්තිය, විපත, විනාශය. (පි. 130)
ආපන්නජීවික
පු. පැමිණි ජීවිකා ඇත්තා. (පි. 130)
ආපන්නදුක්ඛී
පු. පැමිණි දුක් ඇත්තා, (පි. 130)
ආපන්නසත්තා
ඉ. පැමිණි සත්වයා ඇත්තී, දරු ඇත්තී, ගැබිනිය. (පි. 130)
ආපබ්බත
පු. පර්වතය දක්වා, පර්වතයහැර. (පි. 130)
ආපාණ
න. දිවි කෙළවරකොට, ජීවිතාන්තය දක්වා. (පි. 131)
ආපාණකොටි
පු. දිවි කෙළවර, ජීවිත අවසානය. (පි. 131)
ආපාණකොටික
පු. දිවි කෙළවරකොට ඇති, ජීවිතාන්තය දක්වා ඇති, එවං කාලපරියන්ත ආපාණකොටික වසෙන දුවිධං සීලං. (පි. 131)
ආපාණමණ්ඩල
න. සුරාපානය සඳහා පිළියෙළ කළ තැන. (පි. 131)
ආපාත
පු. වැටීම. හෙලීම. උපක්රමය. (පි. 130)
ආපාතලිකා
ඉ. වෛතාලිකා නම් ඡන්දස් ප්රභේදය. (පි. 130)
ආපාථ
ති. සම්මුඛය, ඉන්ද්රියගෝචරය, ඇස් හමුව, (පි. 130)
ආපාථක
පු. සම්මුඛගත, ඉන්ද්රිය ගෝචරවූ. (පි. 131)
ආපාථකජ්ඣායී
පු. මිනිසුන් හමුවන තැන භාවනාකරන්නා. (පි. 131)
ආපාථකනිසාදි
පු. ආපාථයෙහි සිටින ස්වභාව ඇත්තා. (පි. 131)
ආපාථගත
ති. ඉන්ද්රිය ගෝචරයට පැමිණි, සම්මුඛ වූ. (පි. 131)
ආපාද
පු. වර්ධනය, පොෂ්යය, (පි. 131)
ආපාදක
පු. පොෂ්යය කරන්නා, පාලනය කරන්නා. (පි. 131)
ආපාදත
ති. වර්ධනය, පාලනය. (පි. 131)
ආපාදා
ඉ. පාලනයකරන්නී, වර්ධනයකරන්නී. (පි. 131)
ආපාදි
ක්රි. (ආ+පද √ භු. ගතියං, යාමෙහි +ඊ) පැමිණියේය, ළඟා වූයේය. (පි. 131)
ආපාදිකා
ඉ. කිරිමව්, පොෂ්යකරන්නී. (පි. 131)
ආපාදිත
ති. ප්රතිපාදනයකළ, පාලනයකළ. (පි. 131)