සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 180
ආපත්ති - ආරොචන
න. ඇවැත් දැන්වීම, ගරුකාපත්තියට පැමිණියහු එය සමාන සංවාසක උපසම්දා භික්ෂුවකට දැන්වීම. (පි. 130)
ආපත්ති - ආරොපන
න. ආපත්ති ආරොපනය, ඇවැත ගෙන හැර දැක්වීම. (පි. 130)
ආපත්ති - ආවීකරණ
න. ඇවැත් පැවසීම, ආපත්ති ආවීකරණය. (පි. 130)
ආපත්තික
පු. පැමිණි ඇවැත් ඇත්තා, ඇවැතට පැමිණියා. (පි. 130)
ආපත්තිකර
ති. ඇවැත්වන, ඇවැත් සිදු කරන. (පි. 130)
ආපත්තිකරාධම්මා
ඉ. ඇවැත් සිදුකරන ධර්ම, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයෝ ආපත්තිකර ධර්මයෝ නම් වෙති. (පි. 130)
ආපත්තික්ඛන්ධ
පු. ඇවැත්සමූහය, ආපත්තිස්කන්ධය, පරාජික, සංඝාදිසෙස, ථුල්ලච්වය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට, දුබ්භාසිත යන සප්තාපත්තිස්කන්ධය.
පු. ඇවැත්කඳු, ආපත්තිස්කන්ධ. (පි. 130)
ආපත්තිකාරක
පු. ඇවැත් සිදුකරන, ඇවැත් කරන. (පි. 130)
ආපත්තිකුසල
පු. ඇවැතින් නැගිටීමේ දක්ෂ බව. (පි. 130)
ආපත්තිකුසලතා
ඉ. ඇවැත් මේ මේ යයි දැනීමෙහි දක්ෂ භාවය, පස්වැදෑරුම් හා සත්වැදෑරුම් ඇවැත් ගැන දැනීම. (පි. 130)
ආපත්තිඡන්න
න. ඇවැත් සැඟවීම, ඇවැත් වසන්කිරීම. (පි. 130)
ආපත්තිජනක
ති. ඇවැත් උපදවන, ආපත්ති සිදුවන, (පි. 130)
ආපත්තිදෙසනා
ඉ. ආපත්ති දේශනාව, ඇවැත් දෙසුම, තමා අවන් ඇවැත් වෙන භික්ෂුවක් ඉදිරියේ කීම. (පි. 130)
ආපත්තිනානත්ත
න. ඇවැත්හි නන්වැදෑරුම් බව, පරිවාරපාලි එකුත්තරිකයෙහි දැක්වෙන ආපත්තිනානත්වය. (පි. 130)
ආපත්තිනිකාය
ඉ. ඇවැත් සමූහය, “ආපත්ති නිකායොති ආපත්තික්ඛන්ධො.” (පි. 130)
ආපත්තිනිරොධ
පු. ආපත්තිනිරුද්ධිය, ඇවැත් සංසිඳීම, දේසනාගාමී ආපත්තීන් දෙසීමෙන්ද, උට්ඨානගාමිනී ආපත්තීන් නැගී සිටීමෙන්ද සන්සිඳෙයි. (පි. 130)
ආපත්තිපටිච්ඡන්ත
න. ඇවැත් වැසීම, ආපත්ති සැඟවීම, දසාඞ්ගයකින් ඇවැත් වැසීම සිදුවෙයි, එනම්:- ආපත්ති, ආපත්ති සඤ්ඤී, පකතත්ත, පකතත්තසඤ්ඤී, අනන්තරායික, ආනන්තරායික සඤ්ඤී, පහු, පහු සඤ්ඤී, ඡාදෙතුකාමො, ඡාදෙති යන මේ දශයයි. (පි. 130)
ආපත්තිභය
න. ඇවැතට පැමිණීමේ භය, (පි. 130)
ආපත්තිමුඛ
න. ඇවැත්දොර, ආපත්ති ද්වාරය, (පි. 130)
ආපත්තිවත්ථු
න. ඇවැත්වන, ආපත්තිවස්තුව, සප්තාපත්තිස්කන්ධය. (පි. 130)
ආපත්තිසඞ්කමණ
න. ඇවතින් තව ඇවතකට පැමිණීම, ආපත්ති සඞ්ක්රමණය. (පි. 130)
ආපත්තිසමුට්ඨාන
න. ඇවැත් හටගැන්ම, ආපත්ති සමුට්ඨාන සයකි, එනම්:- කාය, වාචා, කායවාචා, කාය චිත්ත, වාචාචිත්ත, කායවාචා චිත්ත යනුවෙනි. (පි. 130)
ආපතිත
ති. වැටෙන ලද, වැටුනු. (පි. 130)
ආපථ
පු. මිථ්යාමාර්ගය, (පි. 130)