සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 179

ආනුසඞ්ගිකප්පයොජන

න. අන් කටයුත්තක යෙදුනාම තවත් කටයුත්තක් එයින්ම සිදුවීමෙන් ලැබෙන ප්‍රයෝජනය. (පි. 129)

ආනෙජ්ජ

ති. කම්පානොවන, නොසෙල්වන බව, (පි. 129)

ආනෙජ්ජකාරණ

න. නොසෙල්වී සිටීමට කරන උපාය, (මැරුණායයි බොරුවට හැඟවීම.) (පි. 129)

ආනෙජ්ජප්පත්ත

ති. අකම්ප්‍යබවට පැමිණි, ස්ථිරබවට පැමිණි, කම්පානොවන. (පි. 129)

ආනෙඤ්ජතා

ඉ. කම්පානොවන බව, නොසෙල්වීම, ස්ථිරබව. (පි. 129)

ආනෙඤ්ඤ

ති. ආනෙජ්ජ බලනු. (පි. 129)

ආනෙත්වා

පු.ක්‍රි. ගෙනවුත්, (පි. 129)

ආනෙති

ක්‍රි. (ආ+නී √ භු. පාපනෙ, පැමිණවීමෙහි +ණෙ+ති) පමුණුවයි, ගෙන එයි, සමීපයට එළවයි. (පි. 129)

ආප

පු. ජලය, ආපොධාතුව.
√ සු. ව්‍යාපනෙ, ව්‍යාප්තියෙහි +උණ+ති ආපුණාති, ව්‍යාප්තකෙරෙයි. පැතිරෙයි.
√ මු - ලම්භනෙ, ශබ්දකිරීමෙහි +ණෙ+ති ආපෙති, ශබ්දකරයි. (පි. 129)

ආපකා

ඉ. අපගා බලනු. (පි. 129)

ආපගා

ඉ. නදිය, ගංගාව. (පි. 129)

ආපජ්ජති

ක්‍රි. (ආ+පද √ = පජ්ජ+ති) ගතියං යාමෙහි පැමිණෙයි, යෙයි. (පි. 129)

ආපජ්ජන

න. ප්‍රාප්තිය, පැමිණීම, සම්ප්‍රාප්තිය. (පි. 129)

ආපණ

න. සල්පිළ, වෙළඳාම්පොල, කඩය. (පි. 129)

ආපණද්වාර

න. සල්පිල්දොරටුව, කඩදොර. (පි. 129)

ආපණික

පු. සල්පිළේ නියුක්තයා, වෙළඳා. (පි. 129)

ආපතච්ඡායා

ඉ. (පි. 129)

ආපතච්ඡික

පු. (පි. 129)

ආපතන

න. වැටීම, පතනයවීම. (පි. 130)

ආපත්ත

ති. පැමිණි, වරදට පැමිණි, “ආපත්තිත්වං භික්ඛු ආපන්නොපාරාජිකන්ති” (පි. 130)

ආපත්ති

ඉ. ශික්ෂාව්‍යතික්‍රමණය, ඇවැත, පැමිණීම, විපත.
ක්‍රි. (ආ+පත √ භු. ගමනෙ, යාමෙහි +ති) පතිතවෙයි, වැටෙයි. (පි. 129)

ආපත්ති - අඞ්ග

න. ඇවැත්හි අවයව, ඇවැතක් සිදුවීමට සුදුසු කරුණු. (පි. 129)

ආපත්ති - අධිකරණ

න. ආපත්තාධිකරණය, මාතිකාවෙහි එන පඤ්වාපත්තිස්කන්ධය හා විභඞ්ගයෙහි දැක්වෙන ථුල්ලච්චය, දුබ්භාසිත යන දෙකත් සමග ඇති සත්තාපත්තිස්කන්ධය ආපත්තාධිකරණ නම්වේ. (පි. 129)

ආපත්ති - ආපජ්ජන

න. කය හා වචනයෙන් වන ඇවැතකට පැමිණීම, ඇවැත් ඇවදීම. (පි. 129)