සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 178
ආනමන
න. නැමීම, යටත් කිරීම, පස්සට නැමීම. (පි. 128)
ආනමෙත්වා
පු.ක්රි. නමා ඉදිරියට පමුණුවා, යටට පමුණුවා. (පි. 129)
ආනය
ති. ගෙන ආයුතු, පැමිණ වියයුතු. (පි. 128)
ආනයති
ක්රි. (ආ+නී √ භු. පාපුණනෙ, පැමිණ වීමෙහි +ති) පමුණුවයි. (පි. 128)
ආනයන
න. ගෙන ඊම, පැමිණවීම, අත්පොත් තැබීම, ලදරුවාගේ අතට පොත දීම. (පි. 128)
ආනා
ඉ. නියොගය, විධාන, අන. (පි. 128)
ආනාදෙසනා
ඉ. ඇනවීම හෝ ප්රඥප්තිය බහුල කොට ඇති දේශනාව, විනය ධර්මය, විනය පිටකය. (පි. 128)
ආනාපන
න. ඇණවීම, නියොග. (පි. 128)
ආනාපාන
න. (ආන+ආපාන) ආශ්වාස ප්රශ්වාසය, හුස්ම ඉහළ පහළ හෙළීම. (පි. 128)
ආනාපානසති
ඉ. ආනාපානස්මෘතිය, ආශ්වාස ප්රශ්වාසයන් පිළිබඳව පවත්නා සිහිය. (පි. 129)
ආනාපානසමාධි
පු. ආශ්වාස ප්රශ්වාසයන් පිළිබඳව පවත්නා සිත එකඟ කිරීම (සමාධිය) (ආ+නී √ නයෙ, පැමිණවීමෙහි +ණපෙ+ති) පමුණුවයි. (පි. 129)
ආනාමෙති
ක්රි. (ආ+නම √ නමතෙ නැමීමෙහි +ණෙ+ති) නමයි, ඉදිරියට පමුණුවයි. (පි. 129)
ආනාහ
පු. බඩපිපීම, මලමුත්ර බද්ධය. (පි. 129)
ආනිසංස
පු. ආනිශංසය, ඵලය, විපාකය, අනුසස්. (පි. 129)
ආනිසද
න. සට්ටම, තට්ටම - ඉඳුම, මාංසය. “සෙය්යථාපි නාම ඔට්ඨපදං එවමෙවස්සුමෙ ආනිසදංහොති තායෙවප්පහාරතාය.” (පි. 129)
ආනීත
ති. එළවන ලද, පමුණුවන ලද, ගෙනෙන ලද. (පි. 129)
ආනුතප්ප
ති. අනුතාපය, අනුසොවනය, තැවීම. (පි. 129)
ආනුත්තරිය
න. අනුත්තරභාවය, නිරුත්තර බව. (පි. 129)
ආනුප
පු. ජල බහුල භුමියෙහි වූ. (පි. 129)
ආනුපුබ්බ
ති. අනුපිළිවෙළ, පිළිවෙළ නොඉක්මවීම. (පි. 129)
ආනුපුබ්බතා
ඉ. පිළිවෙළ නොඉක්මවීමේ ස්වභාවය. අනුපිළිවෙළ ස්වභාවය. (පි. 129)
ආනුපුබ්බීකථා
ඉ. පිළිවෙළින් පවත්නා කථාව, “ආනුපුබ්බීකථං කථෙසි:- සෙය්යථීදං, දානකථං, සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛමෙච ආනිසංසං පකාසෙසි.” (පි. 129)
ආනුභාව
පු. තෙජස, බලය. (පි. 129)
ආනුභී
ක්රි. අනුභවකෙළේය යනාර්ථ ඇති අතීතක්රියාව. (පි. 129)