සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 177

ආනකදුන්දුභි

ඉ. අණබෙරය, අඬබෙරය. වෙණුපියා. (පි. 128)

ආනකභෙරී

ඉ. ආනකදුන්දුභි බලනු. (පි. 128)

ආනඤ්ජ

න. කම්පා රහිත, අචල, නොසෙල්වෙන. (පි. 128)

ආනඤ්ජසමාධි

ඉ. ආකාසානඤ්චායතනය, විඤ්ඤණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය යන අරූපාවචර සමාධි සතර. (පි. 128)

ආනඤ්ජාභිසංඛාර

පු. චතුර්විධ අරූපාවචර කුසල චේතනාව. (පි. 128)

ආනණ්‍ය

න. ණය නැති බව, දනා අයත් නොවන බව. (පි. 128)

ආනණ්‍යපරිභොග

පු. සිල්වත්ව ප්‍රත්‍යවෙක්ෂා කොට සිවුපසය වැළදීම. (පි. 128)

ආනත

ති. නැමුණු, අගනැමුණු. (පි. 128)

ආනත්ති

ඉ. ඇණවීම, නියොගය, විධානය. (පි. 128)

ආනත්ථක්‍යප්පසඞ්ඟ

න. නිරර්‍ථක භාවයේ පැමිණීම. (පි. 128)

ආනදති

ක්‍රි. (ආ+නද √ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) නාද කරයි, ශබ්ද කරයි. (පි. 128)

ආනන

න. මුහුණ, මුඛය, මූණ. (පි. 128)

ආනන්තරිකඤ්ඤමාහු

(අනන්තරිකං+යං+ආහු) “ආනන්තරික” බලනු. (පි. 128)

ආනන්තරිකය

පු. අතරක් නැති, ව්‍යවධානයක් නැති, අතර සිඳීමක් නැති. (පි. 128)

ආනන්තරිකසමාධි

පු. මාර්‍ගයට අනුව ලැබිය යුතු ඵලය, සෝවාන් ආදී ඵල සතර. (පි. 128)

ආනන්තරියකම්ම

න. ආනන්තර්‍ය්‍ය කර්‍මය, අනතුරු අත්බැව්හි විපාක දෙන කර්‍මය, කුශල පක්ෂයෙන් අෂ්ටසමාපත්තිය ද අකුශල පක්ෂයෙන් පඤ්වානන්තරිය කර්‍මද දතයුතු. (පි. 128)

ආනන්තරියධම්ම

පු. අනතුරු භවයෙහි විපාක දෙන චෙතනාදී ධර්‍ම. (පි. 128)

ආනන්ද

පු. සන්තෝසය, බන්ධුමිත්‍රාදීන්ගේ ගමනාගමන සමයෙහි ස්වාගත සම්ප්‍රශ්නාදියෙන් සතුටුවීම, බුදුරජානන් වහන්සේගේ ධර්‍මාභාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ. (පි. 128)

ආනන්දති

ක්‍රි. (ආ+නන්ද √ භු. සන්තොසෙ, සතුටු වීමෙහි +ති) සතුටුවෙයි. (පි. 128)

ආනන්දන

න. සන්තෝෂවීම, සතුටුවීම. (පි. 128)

ආනන්දි

ඉ. ප්‍රීතිය, සතුට. (පි. 128)

ආනන්දිත

ති. සන්තෝෂ වනලද, සතුටුවනලද (පි. 128)

ආනන්දීය

ති. සතුටුවිය යුතුවූ, ප්‍රීතිවිය යුතුවූ. (පි. 128)

ආනමති

ක්‍රි. (ආ+නමු √ තු. නමතෙ, නැමීමෙහි +ති) නමයි. (පි. 128)