සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 176

ආධාර

පු. අධිකරණ කාරකය, අදර විබත, පාත්‍රාධාරය, තොතැනිබිම, පිහිට, උදව්ව. (පි. 127)

ආධාරක

පු. ආධාර කරන්නා, පිහිට වන්නා, දණ්ඩාසනය. (පි. 127)

ආධාරකාර

පු. උදව්කරන්නා, ප්‍රතිෂ්ඨා වන්නා, උසුලන්නා. (පි. 127)

ආධාරකාරක

න. ආධාර විභක්තිය, අදරකරු, ආධාර කරන්නා. (පි. 127)

ආධාරණතා

ඉ. ඇහුම්කන්දීම, සිත එකඟ කිරීම, සිත එළඹ සිටීම. (පි. 127)

ආධාරික

ති. දරණ ලද, උසුලන ලද. (පි. 127)

ආධාරෙකත

ති. තුල්‍යාධිකරණ විශේෂණ ප්‍රභේදයට විශේෂ නමකි. (පි. 127)

ආධාවති

ක්‍රි. (ආ+ධාවු+ √ භු. ධාවනෙ, දිවීමෙහි +ති) දුවයි, ඉදිරියට ධාවනය කරයි, පෙරළා දිව එයි. (පි. 127)

ආධාවතිපරිධාවති

ක්‍රි. එහා මෙහා දුවයි. හාත්පස දුවයි. (පි. 127)

ආධාවන

න. ඉදිරියට ධාවනය කිරීම, අභිමුඛ ධාවනය. (පි. 127)

ආධාවිත්වා

පු.ක්‍රි. දිවගොස්, ඉදිරියට ගොස්, ධාවනය කොට. (පි. 127)

ආධි

පු. මුළාව, මුර්ඡාව, චිත්තපීඩාව, (පි. 127)

ආධික්ක

න. ආධික්‍යය, අධික බව, වැඩිබව. (පි. 127)

ආධික්‍ය

න. ආධික්ක බලනු. (පි. 127)

ආධිපච්ච

න. අධිපති භාවය, ප්‍රධාන බව. (පි. 127)

ආධිපච්චපරිවාර

පු. අධිපති භාවය හා පිරිවර. (පි. 127)

ආධිපතෙය්‍ය

පු. ආධිපච්චය, අධිපති බව. (පි. 127)

ආධුත

ති. සැලෙන ලද, කම්පාවන ලද. (පි. 127)

ආධුනන

න. අභිමුඛයට ඇදීම, ඉදිරියට තැබීම. (පි. 128)

ආධුනික

පු. වර්‍තතමානික, මෙකලට අයිති, අලුත ශාස්ත්‍රාගම ඉගෙනගන්නා තැනැත්තා, දුහුනජනයා. (පි. 128)

ආධෙය - ආධෙය්‍ය

පු. දැරිය යුතු, ඉසිලිය යුතු, යමක පිහිටි දෙය, ජලයෙහි පෙණෙන රූපය. (පි. 128)

ආධෙය්‍යමුඛ

පු. ආධෙයයි, ජලය ආධාරයයි. (පි. 128)

ආන

න. ආශ්වාසය, නාසිකාවෙන් ඇතුළ්වන වාතය, මසුන් බඳින දැල, “ආනන්ති අස්සාසො”. (පි. 128)

ආනක

පු. ඇනවන්නා, කටයුතු නියම කරන්නා, විධානය කරන්නා. (පි. 128)