සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 175

ආදීනවසඤ්ඤා

ඉ. ශරීරයෙහි උපදිනා රොග පීඩාදිය ගැණ සලකා බැලීම. (පි. 127)

ආදීනවානුපස්සී

පු. දොස් අනුව බලන සුලුවූ. (පි. 127)

ආදීපන

න. දැල්වීම, ගිනි ඇවිලවීම. (පි. 127)

ආදීපනීය

පු. දැල්විය යුතු, ගිනි ඇවිල විය යුතු. (පි. 127)

ආදීපිත

ති. ගිනිගන්නා ලද, ගිනිගෙන ඇවිලී ගත්. (පි. 127)

ආදීසො

අ. ආදීවශයෙන්. (පි. 126)

ආදු

අ. නොහොත්, එසේ නොවේනම් හෙවත්. (පි. 127)

ආදෙති

ක්‍රි. (ආ+දා √ භු. දානෙ, දීමෙහි +ණෙ+ති) දෙයි, දානය කෙරෙයි. (පි. 127)

ආදෙය්‍ය

ති. ඇදහියයුතු, විශ්වාසකටයුතු. (පි. 127)

ආදෙය්‍යවචන

න. ඇදහියයුතු වචන, විශ්වාස කටයුතු වචන ඇත්තා. (පි. 127)

ආදෙව

පු. විලාපය, පරිදෙවය. (පි. 127)

ආදෙවතනා

ඉ. විලාපකීම් භාවය, උදෙසා හැඬීම් බව. (පි. 127)

ආදෙවන

ති. විලාපකීම, උදෙසා හැඬීම. (පි. 127)

ආදෙවනා

ඉ. පරිදෙවනය, විලාපකීම. (පි. 127)

ආදෙවනාපරිදෙවනා

ඉ. විලාපකීම විසෙසින් විලාපකීම, (පි. 127)

ආදෙවනීය

පු. වැලපියයුතු, විලාපකියයුතු. (පි. 127)

ආදෙස

පු. දැක්වීම, නියොගය, අක්ෂරයකට අක්ෂරයක් ආදේශවීම. (පි. 127)

ආදෙසනවිධි

ඉ. අවවාද-අනුශාසනා කිරීමේ ක්‍රමය. (පි. 127)

ආදෙසන්තරවිධාන

න. වෙන ආදේශයක් කිරීම, ආදේශ විශේෂයක් කිරීම. (පි. 127)

ආදෙසනාපටිහාරීය

න. කරුණු දක්ව දක්වා කරන දේශනා ප්‍රාතිහාර්‍ය්‍යය, මෙය මෙසේය මෙය මෙසේයයි සාධක දක්ව දක්වා කරන ප්‍රාතිහාර්‍ය්‍යය, ධර්‍මදේශනාව. (පි. 127)

ආදෙසාපෙක්ඛා

ඉ. ආදේශය බලාපොරොත්තුවන්නී, ආදෙසය අපේක්ෂා කරන්නී, (පි. 127)

ආදෙසී

පු. ආදෙස කාර්‍ය්‍යය ලබන්නා ආදෙසී නමි. (පි. 127)

ආධාන

න.  පිහිටීම, පැවැත්ම ගර්‍භාධානය. (පි. 127)

ආධානභාගී

පු. තමන් ගත් දෘෂ්ටිය දැඩිකොට ගන්නා, දෘෂ්ටි වශයෙන් දැඩිකොට ගත් අය, බැසගත්, ගිලිනු “ආදානගාහීති දළහගාහී” (පි. 127)