සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 174
ආදිණ්ණත
න. කැඩුණු අවස්ථාව, බිඳුනු අවස්ථාව. (පි. 126)
ආදිත්ත
ති. ගිනිගෙන දිලිසෙනලද, ගිනිගත්. (පි. 126)
ආදිත්තපරියාය
පු. එනම් සූත්‍රය, උරුවෙල් කසුබ් ආදීන්ට දෙසූ එනම් සූත්‍රය. (පි. 126)
ආදිතෙය
පු. දෙවියා, ස්වර්ගවාසියා. (පි. 126)
ආදිතොපට්ඨාය
අ. මුල පටන්, ආදියෙහි සිට. (පි. 126)
ආදිදෙව
පු. පූර්වදෙවයා, ඊශ්වරයා. ධත්වන්තරි ඍෂියා. (පි. 126)
ආදින්න
ති. දෙනලද, ගන්නාලද. (පි. 126)
ආදිපුබ්බඞ්ගම
පු. ආදිය පෙරටුකොට ඇති, මුල ඉදිරිකොට ඇති. (පි. 126)
ආදිපුරුස
පු. පූර්වපුරුෂයා, ආදිකම්මික පුරුෂයා, විෂ්ණු. (පි. 126)
ආදිබ්‍රහ්මචරිය
න. ප්රාතිමොක්ෂසංවරාදි සීලය, පුරාණ බ්රහ්මචරියාවවූ මාර්ගබ්රහ්මචරියාව ඇතිකළ ධර්මය. (පි. 126)
ආදිබ්‍රහ්මචරියක
පු. ආදිබ්‍රහ්මචරියක සීලය ඇත්තා. (පි. 126)
ආදිමග්ග
පු. ප්‍රථම මාර්ගය, පළමුවන මාර්ගය. (පි. 126)
ආදිමජ්ඣපරියොසාන
න. මුල මැද අග යන තුන් තැන. (පි. 126)
ආදිය
ති. කෑ යුතු, බුදිය යුතු. (පි. 126)
ආදියති
ක්‍රි. (ආ+දෘ √ දි. දානෙ, දීමෙහි +ඉ+යති) ගනී. (පි. 126)
ආදියන
න. ගැනීම, ග්‍රහණය. (පි. 126)
ආදියනතා
ඉ. ගැනීම් බව, ගන්නා බව. (පි. 126)
ආදිලොප
පු. පදයෙක්හි ආදි ස්වරය හෝ ව්‍යඤ්ජනය හෝ සමාසයෙහි ආදි පදය හෝ ලෝප කිරීම, අපිධානං යන තන්හි පිධානං යනු උදාහරණයි. (පි. 126)
ආදිසති
ක්‍රි. (ආ+දිස √ භු. පෙක්ඛනෙ, බැලීමෙහි) දක්වයි, බලවයි. (පි. 126)
ආදිස්ස
පු.ක්‍රි. (ආ+දිස √ භු. උච්චාරණෙ, කීමෙහි. ත්වා = ය යකාරධාත්වන්තදෙකට පූර්ව රූපයි) දක්වා, පෙන්වා. (පි. 126)
ආදීන
පු. දීනනොවන, බැගෑනොවන. (පි. 126)
ආදීනව
පු. දෝෂය, වැරැද්ද, නපුරු විපාකය, “ආදීනවො උප්පාදිතො”. (පි. 126)
ආදීනවදස්සාවී
පු. දෝෂ දක්නාසුලු තැනැත්තා, දොස් දක්නා සුල්ලා. (පි. 126)
ආදීනවපරියෙසන
න. දොස් සෙවීම, දෝෂ පර්යේෂනය. (පි. 127)