සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 192

ආරක්ඛ

ති. (ආ+රක්ඛ) ආරක්ෂාව, රැකීම (පි. 136)

ආරක්ඛත

පු. ආරක්ෂා කරන්නා, රක්ෂා කරන්නා. (පි. 137)

ආරක්ඛදෙවතා

ඉ. ආරක්ෂක දේවතාවන්. (පි. 137)

ආරක්ඛපරිවාර

න. ආරක්ෂා පිරිවර. (පි. 137)

ආරක්ඛා

ඉ. ආරක්ෂාව. (පි. 136)

ආරක්ඛාධිකරණ

ආරක්ෂාකරණය. (පි. 137)

ආරක්ඛික

පු. රකින්නා, ආරක්ෂා කරන්නා. (පි. 137)

ආරක්ඛිත

ති. රක්ෂාකළ, රැකි. (පි. 137)

ආරක්ඛිතුං

පු. ක්‍රි. රකින්නට. (පි. 137)

ආරක්ඛෙය්‍ය

ආරක්ෂා කටයුතු, රැක්කයුතු. (පි. 137)

ආරකා

ආ - දූරාර්ථයෙහි, දුරුයි, ඈතයි. (පි. 137)

ආරකූට

පු. පිත්තල, “රසතම්බෙ මිස්සෙත්වා කතං හාරකූටං”. (පි. 137)

ආරග්ග

පු. (ආරා+අග්ග) හිදිඅග, ඉදිකටුඅග. (පි. 137)

ආරග්ගකොටි

ඉ. ඉදි අග කෙළවර, ඉදිකටු මුනය, “ආරග්ග කොටි හිත්තුද්දන මත්තං“ (පි. 137)

ආරඤ්ජිත

ති. රඳනා ලද, සලකුණුකරණ ලද. (පි. 137)

ආරඤ්ඤ

ති. අරණයෙහිවූ, වනයෙහිවූ, වනය, කැලෑව. (පි. 137)

ආරඤ්ඤක

ති. වනයෙහි වසන. (පි. 137)

ආරඤ්ඤික

ති. වනවාසියා, වනචරයා, වනයට අයත්. (පි. 137)

ආරඤ්ඤිකාඞග

න. (ආරඤ්ඤ+ඉක+අඞග) වනයෙහි විසීමෙන් රකිනා අඞගයක්, ආරඤ්ඤිකුතඞ්ගය. (පි. 137)

ආරඤ්ඤිතත්තා

ති. වනවාසී බව, වනයෙහි වූ. (පි. 137)

ආරත

ති. නොඇලුණු, වැළකුනු, ඉවත්වුණු. (පි. 137)

ආරත්ත

පු. කාලය, යුගය, “වස්සාරත්තෙ භික්ඛු ගාමං ආගච්ඡන්ති”. (පි. 137)

ආරති

ඉ. නොඇලීම, වැළකීම, “ආරතිවිරති පාපා මජ්ජපානාච සංයමො”. (පි. 137)

ආරතො

අ. දුරින්, සම්පූර්‍ණයෙන්, (පි. 137)