සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 191
ආයුත
ති. යෙදුන, සංයුත්ත. (පි. 136)
ආයුත්ත
ති. යෙදුනු. විශේෂයෙන් යෙදුනු. (පි. 136)
ආයුත්තක
පු. අයකැමියා, අය එකතුකරන්නා. (පි. 136)
ආයුදුබ්බල
න. ආයුෂයෙහි දුබල බව, ජීවිතයේ දුබල කම, මරණ සතිය සිහිකටයුතු එක් ආකාරයක්. (පි. 136)
ආයුධ
න. අවිය, ශස්ත්රය, ආයුධය. (පි. 136)
ආයුධී
පු. අවිදරන්නා. (පි. 136)
ආයුපමාණ
න. ආයුෂයාගේ ප්රමාණය, ජීවන කාලප්රමාණය, (පි. 136)
ආයුපරියන්ත
පු. ජීවියාගේ කෙළවර, ආයු කෙළවර, (පි. 136)
ආයුබ්බෙධ
පු. ආයුර්වෙදය, වෛද්යශාස්ත්රය. (පි. 136)
ආයුවන්තු
පු. වැඩීගිය වයස ඇති, මහලු. (පි. 136)
ආයුසංඛාරවොස්සජ්ජන
න. ආයුෂය අත් හැරීම, ජීවිතය බොහෝ කලක් පවත්වාගැනීම සඳහා ඵලසමාපත්තීන්ට සම වැදීමක් නැති බව (පි. 136)
ආයුසඞ්ඛය
න. ජීවිතය විනාශ වීම, ආයු පිරිහීම. (පි. 136)
ආයුසඞ්ඛාර
න. ආයුෂය, ආයුසංස්කාරය, ආයු සංඛාරාති, ආයුමෙව, සතො සම්පජානො ආයුසංඛාරං ඔස්සජි.”
පු. ආයුසංස්කාරය, ආයුෂය, වයස් ප්රමාණය, “අථ ඛො භගවා ආයුසඞ්ඛාරං ඔස්සජි” (පි. 136)
ආයුස්ස
න. ආයුෂය, ආයු, වයස. (පි. 136)
ආයූහ
පු. රාශිභූතකිරීම, රැස්කිරීම. (පි. 136)
ආයූහක
පු. රැස්කරන්නා, එකතුකරන්නා. (පි. 136)
ආයූහති
ක්රි. (ආ+ඌහ √ භු. විතක්කෙ, විතර්කයෙහි +ති) රැස්කෙරෙයි, එකතුකරයි. (පි. 136)
ආයූහන
න. රැස්කිරීම, එකතුකිරීම. (පි. 136)
ආයූහා
ඉ. (ආයු+ඌහා) ජීවිතය, ජීවිත කාලය. (පි. 136)
ආයූහිත
ති. කඩිසර, දක්ෂ, ආශා.
ති. රැස්කළ, එක්කාසුකළ. (පි. 136)
ආයොග
පු. වීර්ය්යය යෙදීම, යොගය, ප්රයෝග කිරීම. (පි. 136)
ආයොධන
න. යුද්ධය, සඞ්ග්රාමය, යුද්ධභූමිය. (පි. 136)
ආර
පු. ඉදිකටුව, විදිනාකටුව, දුර. (පි. 136)
ආරකත්ත
න. දුරුකළ, ඈත් කළ, ඉවත් කළ, “ආරකත්තාහතත්තාච කිලෙසාරීන සො මුනි” (පි. 136)