සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 245
උණහීස
පු. නලල් පටය, හිස් වෙළුම, ඹටුන්න, හිණිමං මුදුන. (පි. 169)
උණ්ණ
න. ලොම, එළකලොමාදිය. (පි. 168)
උණ්ණජ
පු. වටකුරුව ඇති වූ, රවුමට උපන් රෝමය. (පි. 168)
උණ්ණත
ති. රන් රිදී ආදියෙන් කළ.
න. ස්වර්ණාදියෙන් කළ නළල් පළඳනාවක්, උසස් දෙය. (පි. 168)
උණ්ණති
ඉ. මාන්නය, උණ්ණතිය. (පි. 168)
උණ්ණම
පු. මෘදුකම, උසස් කම, උඩඟු කම. (පි. 168)
උණ්ණමති
ක්රි. (උ+නම. √ භු. නමෙ, නැමීමෙහි +ති), උඩට නමයි. (පි. 168)
උණ්ණමන
න. පහකට නැමීම, පාතට එබීම, “ඔනමණුන්නමන පකතිකං සක්කස්ස දෙව රඤ්ඤො, පණ්ඩු කම්බල සිලාසනං උණ්හාකාරං දස්සෙසි.” (පි. 168)
උණ්ණමය
පු. එළු ලොමින් කළ, එළු ලොමින් සාදන ලද. (පි. 169)
උණ්ණයු
පු. (පොර ගසන) එළුවා, කම්බිලිය, ක්ෂණභඞගුරය. (පි. 169)
උණ්ණලොම
න. එළු ලොම්, උණු ලොම්. (පි. 169)
උණ්ණා
ඉ. උර්ණරෝමය, බොධිසත්වවරයන්ගේ දෙබැම අතර වමතට කරකැවී පිහිටි සුදු පැහැති රෝමය, “භමුකන්තරෙජාතා උණ්ණා ඔදාතා”, ඒළකාදීන්ගේ රෝම, ලොම් බිස්ස. (පි. 168)
උණ්ණානාභි
පු. පිහිටි නැබ ඇත්තා, මකුළුවා, “උණ්ණානාභි සරභු මූසිකා කතා මේ රක්ඛා කතා මේ පරිත්තා.” (පි. 168)
උණ්හ
න. උණු, රත් වූ, ග්රීෂ්මය. (පි. 169)
උණ්හකල්ල
පු. දිලිසෙන ගිනි අඟුර, ගිනි අළු. (පි. 169)
උණ්හකාල
පු. උණ්හ සමය බලනු. (පි. 169)
උණ්හත්ත
න. උණුසුම් ගතිය, ඌෂ්ණ ස්වභාවය. (පි. 169)
උණ්හරංසි
පු. උණු රැස් ඇත්තා, හිරු. (පි. 169)
උණ්හවස්ස
න. උණු අළු වැස්ස. (පි. 169)
උණ්හසමය
පු. ඌෂ්ණ කාලය, ඌෂ්ණ ඍතුව. (පි. 169)
උණ්හාකාර
පු. උණුසුම් අයුරක්, ඌෂ්ණාකාරයක්, “සක්කස්ස පණ්ඩුකම්බල සිලාසනං උණ්හාකාරං දස්සෙසි.” (පි. 169)
උණ්හී
ඉ. උෂ්ණික් නම් අකුරු සතකින් යුත් ඡන්දස. (පි. 169)
උණ්හීසසීස
පු. නලල්පට හිස් වෙලුම් ආදියෙන් අලඞකාරකළ හිස, ඔටුනු පලන් හිස. (පි. 169)
උණ්හොදක
න. උණුවතුර, රත්කළ වතුර, උණුසුම් ජලය, “උණ්හොදකෙන අත්ථෙසති උණ්හොදකං පටියාදෙති.” (පි. 169)