සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 246
උණාදිකප්ප
පු. උණාදි ප්රත්යයයන්ගේ විධානය උණාදිකප්ප නම් වේ, විධියට ‘කල්ප’ යයි කියනු ලැබේ. (පි. 169)
උණිණි
ඉ. ලෝම ඇඳුමක්, ලොම් ඇඳුම් විශේෂයක්. (පි. 169)
උණිණිගණ්ඩ
න. ඉන්නන්, සම්කොඬොලන්. (පි. 169)
උත්ත
ති. කර්මාදී ෂට් කාරකයන්ගේ උක්තත්වය, උක්තය. (පි. 169)
උත්තංස
පු. මුදුන් මල්කඩ, පු. කර්ණාභරණය, ධව්ජය. (පි. 170)
උත්තංසමාලා
ඉ. හිසේ දමන මල් මාලාව. (පි. 170)
උත්තණ්ඩාල
ති. ධාන්ය බහුල, වී බහුල (කැඳ). (පි. 170)
උත්තණ්ඩුල
න. හාල්, නොඉදුනු එම බත, “මොක්ඛං උත්තණ්ඩුලං ජාතං.” (පි. 169)
උත්තත්ත
න. වැල්හීරුම, න. වියලි මස්, වියලි මුව ගොනාදි මස්, අධිකව වියලන ලද්ද.
පු. ත්රස්ත වූ, බියපත් වූ. (පි. 170)
උත්තම
උතුම්, ශ්රේෂ්ඨ. (පි. 170)
උත්තමගුණ
පු. උසස් ගුණය, ශ්රේෂ්ඨ ගුණය. (පි. 170)
උත්තමඞ්ග
න. උත්තමාඞ්ගය, හිස, ස්ත්රී පුරුෂ නිමිති. (පි. 170)
උත්තමඞ්ගරුහ
පු. ශීර්ෂයෙහි හටගත් දෙය, හිසකේ. (පි. 170)
උත්තමත්ථ
පු. උත්තමාර්ථය, පු. අර්හත්වය. (පි. 170)
උත්තමතා
ඉ. ශ්රේෂ්ඨත්වය, උසස් බව, ක්රමයෙන් ඉහල නගින ස්වභාව. (පි. 170)
උත්තමපුරිස
පු. ශ්රේෂ්ඨ පුරුෂයා, උසස් පුරුෂයා, ආඛ්යාතයෙහි අම්හ ශබ්දයෙන් කියවෙන පුරුෂය, උත්තම පුරිස නමි. (පි. 170)
උත්තමපොරිස
මහා පුරුෂයා. (පි. 170)
උත්තමභාව
පු. උසස්ම තත්වය, ශ්රේෂ්ඨ ස්වභාව. (පි. 170)
උත්තමවාරි
ඉ. උතුම් ජලය, සහල් දොවුම් දිය. (පි. 170)
උත්තමා
ඉ. උතුම් ස්ත්රිය, ශ්රේෂ්ඨ ස්ත්රිය. (පි. 170)
උත්තමාධව
පු. (උත්තම+අධම). (පි. 170)
උත්තර
පු. ප්රතිවචන, උතුරු සළුව, උතුරු දිශාවට අයත්.
ති. ශ්රේෂ්ඨ, උත්තර දිශාව, පශ්චිම, චතු භාගය.
ති. එතර වීම, ජලාශයකින් එගොඩ වීම. (පි. 170)
උත්තර උල්ලපන
න. (උ+ලප+යු = අන) උතුරු මිනිස් දම් පවසන. (පි. 170)
උත්තර සුවෙ(ස්වෙ)
අ. මතු හෙට, අනිද්දා, තුන්වෙනි දින. (පි. 170)