සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 255

උදකාල්හක

පු. දිය පත හතරක්, වතුර කෝප්ප හතරක්, ජලය මිනීමේ භාජනයක්, දිය නැලිය. (පි. 174)

උදකාවට්ටි

ඉ. දිය සුළිය, ජල ධාරාව. (පි. 174)

උදකාවාට

පු. වතුර වල. (පි. 174)

උදකාසිවිස

පු. දියේ වසන සර්‍පයෙක්, දිය බරණා. (පි. 174)

උදකී

ඉ. ඔසප් වූ තැනත්තී, මල්වර වූ තැනැත්තී. (පි. 173)

උදකුක්ඛෙප

න. උදකොත්ක්ෂෙපය, ජලය ඉසීම, එනම් සීමාව, “යත්ථ එවං ඛිත්තං උදකං වා වාලිකං වා පතති, අයං උදකුක්ඛෙපො.” (පි. 174)

උදකුක්ඛෙපසීමා

ඉ. විනය කර්‍මයකට සුදුසු ජලාශයකට පැමිණි භික්ෂු සංඝයා විසින් ජලය හාත්පස ඉස ඒ වේලාවට පමණක් කරණු බලන සීමාව. (පි. 173)

උදකුපමා

ඉ. දිය උපමා කොට, ජලය උපමා කොට. (පි. 174)

උදකුම්භ

පු. දිය කලය, දිය සැලිය, ඩබරාව. (පි. 173)

උදකූපම

පු. ජලයට උපමා කිරීම, උදකොපමාව. (පි. 172)

උදකූපස්සට්ඨා

ඉ. අත පැන් වත්කොට පාවා ගන්නා බිරිඳ, “සො උදකූපස්සට්ඨං භරියං ඝොණ්හිත්වා ගච්ඡති.” (පි. 174)

උදකොගාහන

න. දියට පැනීම, ජලයට ප්‍ර‍විෂ්ටවීම. (පි. 173)

උදකොඝ

න. ගංවතුර, වේගයෙන් ගලන ජලය, සැඩපහර.
පු. (ජල) සැඩපහර. (පි. 174)

උදකොදර

පු. (උදක+උදර) දිය උදරය, දියබඩ. (පි. 173)

උදකොරොහක

පු. වතුරට බැසීම, නෑම. (පි. 173)

උදකොරොහන

න. ජලයට පැනීම, ජලස්නානය. (පි. 173)

උදග්ග

ති. ඔදවැඩිප්‍රීතිය, උස්දෙය, “උදග්ගොති පීතිවසෙන අබ්භුග්ගත කාය චිත්තො.” (පි. 173)

උදග්ගතා

ඉ. ඔදවැඩිබව. (පි. 173)

උදග්ගුදග්ග

පු. (උදග්ග+උදග්ග) ශරීරය විකාර භාවයට හා උසස් බවට පමුණුවන ප්‍රීතිය. (පි. 173)

උදඞගන

න. දිය ලබා ගැනීම සදහා සාරන තැන, අවකාශ ස්ථානය. (පි. 173)

උදච්ඡිදා

ක්‍රි. (උ+ඡිදි. √ භු. ඡෙදනෙ, සිදීමෙහි +ආ) සින්දේය. (පි. 173)

උදඤ්චනී

ඉ. දියගත්නා කුඩා බඳුන, කිනිස්ස. (පි. 173)

උදඤ්ජල

න. උල් හෙල්ලූ තැන, ජලසිරාව සහිත ඉඩම. (පි. 173)

උදඤ්ඤාවත්ත

පු. ජලයෙන් පොහොසත්, උදකසම්පන්න. (පි. 173)