සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 256
උදඤ්වන
න. දිය ඇදීම, ජලය උඩට ඇදීම, සැන්ද, “වාටියා උදඤ්චන භාවප්පත්තී විය හොතී.” (පි. 173)
උදණ්හ
පු. අළුයම, ඉර පායන වෙලාව. (පි. 173)
උදත්ත
ති. උස්වූ, මෘදුවූ. (පි. 173)
උදත්‍ථ
පු. (උද+අත්ථ) මහාප්‍රඥාව, මහ නුවණ. (පි. 173)
උදධි
පු. ජලය දරණ ස්ථානය, සමුද්‍රය, “උදකං ධාරෙතීති උදධි”. උදකං එත්ථ ධීයතීති උදධි. (පි. 173)
උදධිකඵ
න. මුහුදු පෙණ, සාගරයේ ඇති පෙණ. (පි. 173)
උදධිමල
න. මුහුදු පෙන, සමුද්රයෙහිවූ පෙණ. (පි. 173)
උදධිසුත
පු. චන්ද්‍රයා, ලක්ෂ්මිය. (පි. 173)
උදන්ත
පු. ආරඤ්චිය, අප්රත්යක්ෂය. (පි. 173)
උදපතත
පු. දියබදුන, ජලපාත්රය. (පි. 173)
උදපත්ත
න. දිය බඳුන, වතුර භාජනය, ජල පාත්‍රය, “ආදාසෙවා උදපත්තෙවා ඔලොකෙන්තස්ස දුක්කටං” (පි. 173)
උදපාත
පු. ලිඳ, කූපය, ලිඳ සමීපයෙහි සාරණලද කුඩා වල. (පි. 173)
උදපාතරජ්ජු
න. ලිඳෙන් දියගන්නා රැහැණ, කඹය. (පි. 173)
උදපාදි
ක්‍රි. (උ+පද, √ දි. ගතියං, යෑමෙහි +ඊ) පහළ විය. (පි. 173)
උදපාන
න. ලිඳ, පැන්වල, “උදපානො අපාරුතොහොකී” (පි. 173)
උදබ්බධි
ක්‍රි. (උ+වධ √ බන්ධනෙ. බැඳීමෙහි +ති), විනාශ කරයි, මරයි. (පි. 175)
උදබ්බය
න. (උදය+වය), උදයව්‍යය, පහලවීම හා නැතිවීම, ඉපදීම සහ මැරීම. (පි. 175)
උදබ්බහ
න. ඉසිලීම, දැරීම, ඉපදීම. (පි. 175)
උදබ්බහෙය්ය
ක්‍රි. (උ+වහ √ පාපණෙ, පැමිණීමෙහි +එය්ය), දරන්නේය. (පි. 175)
උදබින්දු
ති. ජලබින්දු, දියබිඳු, “උදබින්දු නිපාතෙන උදකුම්භොපිපූරති.” (පි. 175)
උදය
පු. හටගැන්ම, පූර්ව පර්වතය, උදය පර්වතය, උදය කාලය, ලැබීම. (පි. 175)
උදයගිරි
පු. උදාගිරි, උදයගිරි පර්වතය. (පි. 175)
උදයත්ථක
පු. උසස්වීමට කැමැති තැනැත්තා. (පි. 175)
උදයත්ථගාමිනී
පහලවීමට හා අර්ථයට යන සුලු. (පි. 175)